අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය අමාත්‍යාංශ ප්‍රගතිය ජනපති සොයා බලයි

    ජූනි 04, 2021

    රාජ්‍ය අමාත්‍යාංශවල ප්‍රගතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති මාසික හමුවේදී විමසුමට ලක් කළේය.

    ඒ ඒ රාජ්‍ය අමාත්‍යාංශ වෙත පැවරී ඇති කාර්යභාරය, ඉලක්ක සපුරා ගැනීම හා ඉදිරි සැලසුම් රාජ්‍ය අමාත්‍යවරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළහ.

    කොවිඩ් වසංගතය හමුවේ සිය අමාත්‍යාංශ, ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් ආර්ථිකයේ සුරක්ෂිතතාවට මුල්තැන දෙමින් ඉදිරියට ගෙන යාමට වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරුන් විසින් පෙන්වා දෙනු ලැබිණ.

    සියලුම රාජ්‍ය අමාත්‍යවරු, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya