අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      කොවිඩ් මර්දන වැඩපිළිවෙලට සහය දැක්වීමට රතුකුරුසෙන් ප්‍රවාහන පහසුකම්

    ජූනි 02, 2021

    කොවිඩ් මර්දන කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකරනු ලබන වැඩපිළිවෙලට සහය දැක්වීමක් ලෙස රතුකුරුස සමාජය විසින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට ප්‍රවාහන සේවා ලබාදීමට වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත.

    ඒ අනුව රතුකුරුස සමාජය විසින් වියදම් දැරීමේ පදනම මත කොළඹ, කළුතර ,ගම්පහ සහ මහනුවර යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි Uber ආයතනය මගින් ගමන් වාර 50,000 ක් ලබා දීමට සිය එකඟතාවය පළ කර ඇත.

    රේඛීය සෞඛ්‍ය අමාත්‍යාංශයට ‍මෙන්ම කොළඹ, කළුතර, ගම්පහ සහ මහනුවර යන දිස්ත්‍රික්කවල කොවිඩ් මර්දන කටයුතු වල නිරත වන ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල සහ මධ්‍යම රජයේ රෝහල් වල කොවිඩ් මර්දන වැඩසටහන් වලට සහභාගිවන කාර්ය මණ්ඩල සඳහා මෙම ප්‍රවාහන පහසුකම් ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා පවසයි.

    කොවිඩ් මර්දන කටයුතු සිදුකිරීමේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට ප්‍රධාන අවශ්‍යතාවයක්ව පැවති ප්‍රවාහන පහසුකම් ලබාදීමට රතුකුරුස සමාජය ඉදිරිපත් වීම පිළිබඳව සෟඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් රතුකුරුස සමාජයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය මහේෂ් ගුණසේකර මහතාට ස්තූතිය පළ කර ඇත.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya