අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුෂ්කර නගර සියයක් හඳුනාගෙන ඉදිරියේ දී සංවර්ධනය කිරීමට පියවර ගන්නවා - නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්

    ජූනි 01, 2021

    පොදු අවශ්‍යතාවයන්වත් නොමැති හඳුනාගත් දුෂ්කර නගර සියයක් හඳුනාගෙන ඉදිරියේ දී සංවර්ධනය කිරීමට පියවර ගන්නනා බව සහ ඊට කැබිනට් අනුමැතිය ද හිමිව තිබෙන බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ සංවර්ධන කටයුතු පිළිබඳව මහජනතාව හා මාධ්‍ය දැනුවත් කිරීමේ රජයේ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

    මහජනතාවට නගරයක තිබිය යුතු මූලික පහසුකම් සැපයීම මෙහි මුඛ්‍ය පරමාර්ථය වන අතර ජිවත් වන ජනතාවට අවශ්‍ය පහසුකම් ලබා දීමට හා නගරය සුවපහසු මෙන්ම දැකුම්කළු ස්ථානයක් බවට පත් කිරීම මෙම නගර සියය සංවර්ධනය කිරීමේ අරමුණු වන බව ද හෙතෙම මෙහි දී ප්‍රකාශ කළේය.

    පහළ අදායම් මදි අදායම් ලබන පුද්ගලයින්ට නිවාස සදා දීම සහ සහන මිලට එම නිවාස ලබා දීමට කටයුතු කිරීම, රජ්‍යසේවකයින්ට, පෞද්ගලික අංශයේ සේවකන්ට නිවාස ඉදි කර ලබා දීම, නගර අලංකරණ කටයුතු, ජල බස්නා කාණු පද්ධති සකස් කිරීම, සමාජීය අවශ්‍යතාවයන් හඳුනාගනිමින් පොදු ස්ථාන සකස් කිරීම, පරිසරය අලංකරණ කටයුතු, උද්‍යාන, තෙත්බිම් උද්‍යාන සකස් කිරීම, පදික වේදිකා හා ඇවිදින මංතීරු සකස් කිරීම වැනි කාර්යයන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සිදු කෙරෙන කාර්යයන්ගේ තවත් එක් පැතිකඩකි.

    ඒ අනුව, මේ වන විට නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක වන කොළඹ නගරයේ පමණක් නිවාස ව්‍යාපෘති 24 ක් ක්‍රියාත්මක වෙමින් පවතී. එමෙන්ම, නගරයේ පවතින අධික වාහන තදබදය හේතුවෙන් ඊට විසඳුම් වශයෙන් කොළඹ නගරයේ පමණක් වාහන නවතා තැබීමේ ධාරිතාවය 1500 කට වඩා ධරිත්වයකින් යුක්තව බහු මහල් රථ ගාල් හතරක් ද ඉදිවෙමින් පවතී.

    මිට සමගාමිව මිශ්‍ර ව්‍යාපෘති රටේ ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරෙමින් පවතින බවත්, මෙම වසරේ දී පමණක් රුපියල් බිලියන 24 ක සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කොට තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටි.

    නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා තවත් ආයතන සම්බන්ධ කර ගත යුතු වන නමුත්, එයම හේතුව කරගනිමින් ඉඩම් ප්‍රතිපත්තියට හෝ ජාතික ප්‍රතිපත්තියට ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පිට කිසිඳු හේතුවක් මත මෙරට ඉඩම් කුණු කොල්ලයට බදු දීමට කටයුතු නොකරන බව ද, මෙහි දී විශේෂයෙන් අවධාරණය කර සිටියේය.

    මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආචාර්ය සුගත් යාලේගම, සෙලන්දිවා ආයෝජන සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී ශමාහිල් මොහොදීන් යන මහත්වරු ද සහභාගී වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya