අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෙරපාසල් ගුරුවරුන්ට රුපියල් 2500 ක දීමනාවක් ලබා දීමට පියවර - අමාත්‍ය උදය ගම්මන්පිල

    ජූනි 01, 2021

    රටේ මානව සම්පත සංවර්ධනය කිරීමට දැවැන්ත දායකත්වයක් ලබා දෙන පෙරපාසල් ගුරුවරුන් ට සමජයේ නිසි ඇගයීමක් නොමැති බව අමාත්‍ය මණ්ඩලයේ මතය වී තිබෙන හෙයින් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ගුරු අභිමානී ව්‍යාපෘතිය යටතේ ජූනි මාසයේ සිටම මාසයකට රුපියල් 2500 ක දීමනාවක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බව බලශක්ති අමාත්‍ය, සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා කියා සිටියේය.


    ඒ මහතා මේ බව කියා සිටියේ අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ය.

    මේ වන විට පෙරපාසල් ගුරුවරුන්ට රුපියල් 250 ක පමණ ගෙවන බවත්, ඔවුන්ට යම් නිශ්චිත පුහුණුවක් ලබා දීමටත්, එමෙන්ම, 2021 ජුනි මස පලවන දිනයේ සිට හඳුනාගත් නිර්ණායක මත පදනම් ව සුදුසු කම් මත පදනම් ව ගුරුවරු ගුරුවරියන් හට රුපියල් 2500 ක් ලබා දීමටත්, එහි පළමු අදියර ලෙස ගුරුවර ගුරුවරියන් 25,000 කට මෙම දීමනාව ලබා දීමට කටයුතු කරන බවත්, ඒ මහතා මෙහි දී ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya