අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැරැල්ලවත්ත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සදුදා සිට ප්‍රතිකාර අරඹයි

    ජූනි 01, 2021

    * එන්නත්කරන වැඩපිළිවෙල රට වෙනුවෙන් කරන දෙයක් මිස දේශපාලන වාසි ගන්න කරන දෙයක් නෙවෙයි-  අමාත්‍ය ප්‍රසන්න රණතුංග

    ඉදිකෙරෙමින් පවතින වැරල්ලවත්ත අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය එලබෙන සදුදා (07) සිට ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින්ගේ ප්‍රතිකාර සඳහා යොදා ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න
    රණතුංග මහතා සෞඛ්‍ය අංශ වලට අංශවලට උපදෙස් දෙයි.ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් නිරීක්ෂණය කිරීම සඳහා (31) එහි ගිය අවස්ථාවේදී අවස්ථාවේදී අමාත්‍යවරයා මෙලෙස උපදෙස් දුන්නේය.නාවික හමුදාව විසින් මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් සිදු කරයි.

    මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් බව මෙහිදී නාවික හමුදා නිලධාරීන් නිළධාරීන් අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.

    ප්‍රතිකාර කටයුතු සඳහා අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ද මධ්‍යස්ථානයට ලැබී ඇති බව සඳහන් කර සෞඛ්‍ය අංශ පෙන්වා දුන්නේ සෞඛ්‍යය සේවකයින් අනුයුක්ත කර ගැනීමේ කටයුත්ත පමණක් ඉතිරිව ඇති බවයි. ඊට අදාළ කටයුතු ද හැකි ඉක්මනින් අවසන් කර එළඹෙන සදුදා සිට ප්‍රතිකාර මධ්‍යස්ථානය කටයුතු ආරම්භ කරන ලෙස මෙහිදී අමාත්‍යවරයා පැවසීය.

    මේ වන විට ඇඳන් 750ක් මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයට ලැබී ඇති අතර ජලසම්පාදන මන්ඩලයද ඇඳන් 250 ක් පරිත්‍යාග කර ඇත අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

    වැරැල්ලවත්ත නිරෝධායන මද්‍යස්තානය ගම්පහ රෝහලට අනුබද්ධවයි ක්‍රියාත්මක වෙන්නේ. බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමා සහ ප්‍රධාන ලේකම්තුමා මේ වැඩපිළිවෙළට ප්‍රතිපාදන සපයා දෙමින් සහාය දැක්වූවා. මේ වෙනකොට සීදුව සහ කටුනායක අතරම ඇති ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙක ආරම්භ වෙලා තියෙනවා. මේ මධ්‍යස්ථානයක් ආරම්භ වුණාට පස්සේ ගම්පහට අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නොමැතිකම නිසා ගම්පහ ප්‍රදේශවාසීන් උතුරු නැගෙනහිර පළාත් වල ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කිරීම නතර වෙනවා. ගම්පහ ඇතුළෙම තුන්දාස් පන්සීයකට පමණ ප්‍රතිකාර කිරීමේ පහසුකම් මේ වෙනකොට අපි සකස් කරමින් තිබෙනවා.

    එන්නත් කරන වැඩපිළිවෙළට දේශපාලනඥයින් මැදිහත්වීම සුදුසු දැයි මෙහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගේ විමසා සිටියේය.

    ''ඔය අහන්නෙ මොරටුවෙ සිද්ධිය කියලා මම හිතනවා. කොවිඩ් පනත අනුව මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් නගරාධිපතිවරයාට වගකීමක් තිබෙනවා. ඔය සිද්ධියට කලින් දිනයේ වෛද්‍යවරුන්ගේ පවුල් වලට එන්නත් කරනයේදී ප්‍රමුඛතාවය දුන්නොත් එන්නත් කරන වැඩපිළිවෙළින් ඉවත් වෙන බව සෞඛ්‍ය වෘත්තිය සමිති ප්‍රසිද්ධියේ කිව්වා. ඒ වගේම එන්නත්කරණයට නිසි ක්‍රමවේදයක් නැතිකම නිසා ජනතාව පෝලිම්වල කියලා මාධ්‍යයෙන් ප්‍රචාරය වුණා. නගරාධිපතිවරයා අංක ලබා දීලා නියමිත වේලාවන් ලබාදීලා සුදුසු ක්‍රමයක් සකස් කළා. ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ ක්‍රියාත්මක කළෙත් ඔය ක්‍රමවේදයයි. මම හිතන්නේ ඔතන නගරාධිපතිවරයාගේ සහ වෛද්‍යවරියගේ ගට්ටනයක් කාලයක ඉඳලා තිබෙනවා. අනෙක් හැම එන්නත් කරන මධ්‍යස්ථානයකම සුහදව වැඩ කරනවා. නගරාධිපතිවරයා නිසි ක්‍රමවේදය සකස් කරලා මීටරය පරතරයට වාඩිවෙන්න පහසුකම් සැලසලා ලොකු වැඩ කොටසක් ඉටු කරලා තිබුණා.
    ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පේන්න පුළුවන්.

    ගම්පහ ග්‍රාමීය කමිටු ඡන්ද නාම ලේඛන අනුව අංක දීලා වේලාවන් ලබා දෙනවා. තමන්ට ලබා දෙන වෙලාවට එන්නත විද ගන්න ආවම පෝලිම් හැදෙන්නේ නැහැ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් චන්ද නාමලේඛනය පරික්ෂා කරල එන කෙනා හඳුනාගෙන වෛද්‍යවරයාට යොමු කරනවා. මේක දේශපාලන වාසි ගන්න බලං කරන දෙයක් නෙමේ. පක්ෂ පාට භේදයකින් තොරව සියලු දෙනාම රට වෙනුවෙන් කරන දෙයක්.

    මාධ්‍ය - ලංකාවේ ඉඩම් සම්බන්ධයෙනුත් පෞද්ගලික ආයතනයක් පිහිටුවීමට සූදානම් වෙනවා කියලා ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.


    අමාත්‍යවරයා - ලංකාවෙ වටිනාකමක් සහිත ඉඩම් කළමනාකරණය විය යුතුයි. ආයතනයක් මගින් ඉඩම් ක්‍රමානුකූල ක්‍රමාණුකූල කිරීම තමයි යෝජනා වෙලා තියෙන්නෙ. ජනතා විමුක්ති පෙරමුණ රටේ දේපළ විනාශ කරලා අද මේ වගේ චෝදනා කරනවා. ඒ අය විනාශ කරපු ආර්ථිකය ගොඩනංවන්න අදටත් බැරිවෙලා තියෙනවා. ආයෝජන මණ්ඩලයට වගේම කොළඹ වරාය නගරයට කොමිසමක් පත් කිරීම සිදු කළේ රටේ සාමාන්‍ය නීතිය අනුව ආයෝජන ගෙන්වා ගැනීමට නොහැකි නිසයි. අද මුළු ලෝකයම තම තමන්ගේ රටවලට ආයෝජන ගෙන්වා ගැනීමට උත්සාහ කරනවා.
    අපේ ඇඟලුම් සඳහා යොමු කර තිබුණු ආයෝජන සෑහෙන ප්‍රමාණයක් බංගලිදේශයට යොමු වුණා. මේ නිසා අපි ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමේ කරගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. මේ සූදානම් වෙන්නේ එවැනි වැඩපිළිවෙළක් රටට හඳුන්වා දීමටයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya