අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජුනි - ජූලි මාසවල ඩෙංගු වැඩිවීමේ අවධානමක් තියෙනවා- මේ අවස්ථාවේ ඩෙංගු මර්දනයට මහජනතාවගේ සහාය අත්‍යවශ්‍යයි - ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ

    මැයි 31, 2021

    ජුනි ජූලි මාස වල රට තුළ ඩෙංගු වැඩිවීමේ අවධානමක් පවතින බවද මෙම අවස්ථාවේ ඩෙංගු මර්දනයට මහජනතාවගේ සහාය අත්‍යවශ්‍ය බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්දන ඒ්කකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පැවසුවේය.

    ඔහු මේ බව පැවසුවේ අද දින (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඩෙංගු ව්‍යාප්තිය පිළිබදව පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    ලංකාවේ මේ වන විට සෑම වසරකම මෙන් කිසියම් ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වුවද, පසුගිය වසර වලට සාපේක්ෂව මෙම වසරේ රෝගීන් වාර්තාවීම ඉතාමත් අඩු අගයක් ගන්නා බව පැවසූ ඩෙංගු මර්දන ඒ්කකයේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ නිරිතදිග මෝසම් වර්ෂාව ඇරඹී ඇති බැවින් මෙම රෝගීන් වාර්තාවීමේ අඩුව දිගටම පවතීද යන්න නිශ්චිතවම කිව නොහැකි බවයි.

    සෑම වසරකම ජුනි සහ ජූලි මාස වල ඩෙංගු රෝගීන් වාර්තා වීම වැඩිවීමක් පෙන්වන බව පසුගිය වසර වල අත්දැකීම් ආශ්‍රයෙන් පැවසිය හැකි බවද සෞඛ්‍ය අමාත්‍යංශය සහ රජය සෑම වසරකම ඩෙංගු මර්දනය වෙනුවෙන් වර්ෂය පුරාම දියත් කළ වැඩසටහන් රැසක් පැවති අතර ඒ්වායෙහි සාර්ථක ප්‍රතිඵල දක්නට ඇති බවද ඔහු සිහිපත් කළේය.

    දැනට පවතින කොවිඩ් වසංගත තත්ත්වය යටතේ සාමාන්‍ය කාලවල දියත් කළ ක්‍රමවේදයන්ට වඩා වෙනස් ක්‍රමවේදයන්ට අවතීර්ණ වීමටත් නව ක්‍රමවේද සොයාගැනීමටත් සිදුව ඇති බව පැවසූ ඩෙංගු මර්දන ඒ්කකයේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේ මෙම අවස්ථාවේ සාමාන්‍ය අවස්ථා වල සිදුකළ ආකාරයේ නිවාස පරීක්ෂාකිරීම් ආදිය සිදු නොකළ හැකි බවත් ඒය කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය ක්‍රමවේදයන්ට පටහැනි වන අතර ඒමගින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මෙන්ම නිවැසියන්ට කොවිඩ් පැතිරිය හැකි බවයි.

    ඒමෙන්ම වෙනදා ඩෙංගු මර්දන කර්තව්‍යයන්ට වැඩි වශයෙන් දායක වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් මේ දින වල කොවිඩ් මර්දන කටයුතු සදහා දායක වෙමින් ඉතා කාර්යබහුල වී ඇති බැවින් මේ ගැටලුව සදහා වෙනත් ක්‍රමවේදයක් සිදුකළ යුතුව ඇති බවද ඔහු කියා සිටියේය.

    මෙහිදී මහජනතාවගේ සහාය අත්‍යවශ්‍ය වන බව සදහන් කරමින් ඔහු කියා සිටියේ මෙම අවස්ථාවේදී මහජනතාව තමන්ගේ නිවස, තමන් අවට පරිසරය හා තමන් සේවය කරන සම්ථානය පිඑරිසිදු කරගනිමින් ඩෙංගු බෝ නොවන ආකාරයට පවත්වාගන්නේ නම් කණ්ඩායමක් වශයෙන් අප සැමට ලංකාව තුළ ඉදිරියේදී ඩෙංගු රෝගය වැඩිවීම වළක්වාගත හැකි බවයි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya