මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවන් තොටුපළ විවෘත වුවත් ඉන්දියාවට සහ වියට්නාමයට තහනමක් 

    මැයි 31, 2021

    මෙරටට පැමිණෙන ගුවන් යානා සඳහා හෙට සිට ගුවන්තොටුපොළ විවෘත වුවත් ඉන්දියානු සහ වියට්නාම් ජාතිකයින්ට මෙරටට පැමිණිමට අවසර නොලැබෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

     

    එමෙන්ම ඉකුත් දින 14 ක කාලය තුළ ඉන්දියාවේ සහ වියට්නාමයේ රැඳී සිටි හෝ එම රටවල ගුවන් තොටුපොළ අතරමැදි ගුවන් තොටුපළක් ලෙස භාවිතාකල ශ්‍රී ලාංකිකයින්ට සහ වෙනත් සංචාරකයින්ටද මෙම තහනම බලපැවැත්වෙයි.

    එම රටවල කොවිඩ් වසංගත තත්වය සලකා බැලීමෙන් පසුව සෞඛ්‍ය අංශ උපදෙස් පරිදි මෙම තීරණයට එළැඹ තිබේ.

    අනෙක් රටවල් සම්බන්ධයෙන් දැනට එවැනි තීරණයක් ගෙන නොමැති හෙයින් මෙරටට ඒමේ බලාපොරොත්තුවෙන් එම රටවල්වල රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට හා සංචාරකයින්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ලංකාවට පැමිණිය හැකිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya