මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ බන්ධනාගාර නිලධාරීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්

    මැයි 30, 2021

    කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ බන්ධනාගාර නිලධාරීන් හට පහසුකම් සහිතව ප්‍රතිකාර කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතිය මත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර පරිශ්‍රය තුළ ස්ථාපනය කළ බව බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

    මෙම ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ එකවර නිලධාරීන් පනස් දෙනෙකුට ප්‍රතිකාර ලබා ගැනීමට හැකි අතර බන්ධනාගාර නිලධාරීන් සමඟ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ද කොවිඩ් 19 වයිරස ආසාදිතයින් බවට පත්වුවහොත් සියලුම සාමාජිකයින්ට පහසුකම් සහිතව ප්‍රතිකාර ලබා දීමට හැකි වන පරිදි නිවාස හයක්ද සකස් කර ඇත.

    චන්දන මහතා තවදුරටත් පැවසූවේ මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ ප්‍රතිකාර සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වෛද්‍යවරයකු යොදවා ඇති බවත් අවශ්‍ය අනෙකුත් සෞඛ්‍ය කාර්යය මණ්ඩලය බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් යොදවා ඇති බවත්ය.

    බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් කොවිඩ් පාලන කමිටුවක් පිහිටුවා ඇති අතර කොවිඩ් 19 වයිරසය ආසාදිත නිලධාරීන් හට මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ඇතුළත් වීම සඳහා 0114677101 යන දුරකතන අංකයට දැනුම් දීමෙන් පසු අවශ්‍ය පහසුකම් සම්පාදනය කිරීමට කොවිඩ් පාලන කමිටුව කටයුතු කරන බවත්චන්දන ඒකනායක මහතා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya