අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් සහන මළු බෙදාහැරීමේ ක්‍රියාවලිය වෙළෙඳ අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට

    මැයි 30, 2021

    දිවයින පුරා පිහිටි සතොස අලෙවිසැල් හා විවිධ සංවිධානවල සහයෝගය මත, හුදකලා කර ඇති ප්‍රදේශවල හා නිරෝධායනය කර ඇති පවුල් සඳහා ද, ගංවතුරින් පීඩාවට පත්ව ඇති ජනතාව සඳහා ද සහන සැලසීමේ අරමුණින් ක්‍රියාත්මක වන සතොස සහන මල්ල බෙදාහැරීමේ කටයුතු මේ දිනවල සතොස අලෙවිසැල් ජාලය හා දිවයින පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඒකාබද්ධව ක්‍රියාත්මක වේ.

    ඒ අනුව, රත්මලාන මෙගා සතොස අලෙවිසැල තුළ එම සහන මල්ල සැකසීමේ කටයුතු සිදු වෙමින් පවතින ආකාරය (29) වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ නිරීක්ෂණයට ලක්විය.


    මෙහිදී සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේදයන් සඳහා අනුගත වෙමින් සතොස අලෙවිසැලෙහි කාර්ය මණ්ඩලයත්, සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් පිරිසත් එක්ව එම සහන මළු සකස් කරනු ලබන ආකාරය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වූ අතර එහිදී අමාත්‍යවරයා එම නිලධාරීන්ගේ අදහස්, යෝජනා පිළිබඳව ද සිය අවධානය යොමු කෙරිණි.


    එම අවස්ථාවේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කරන ලදී. "රට තුළ පවත්නා හදිසි තත්ත්වය මත මහජනතාවට සහන සැලසීමේ වැඩසටහන ක්‍රියාත්මක වන එක් ස්ථානයක් වන මෙම රත්මලාන සතොස අලෙවිසැලෙහි මේ දිනවල ක්‍රියාත්මක වන මෙම සමාජ සත්කාරයට සිවිල් ආරක්ෂක අංශයේ නිලධාරීන් ද එක් වී තිබෙනවා.


    දිවයින පුරා පිහිටි සතොස අලෙවිසැල් හරහා සිදු කෙරෙන මෙම සහන මළු සකස් කිරීමේ කටයුතු මැනවින් පවත්වාගෙන යාමට සිවිල් ආරක්ෂක අංශ නිලධාරීන් සිය උපරිම දායකත්වය සපයනු ලබනවා. කිසිදු ලාභ පරමාර්ථයකින් තොරව රටේ ජාතික යුතුකමක් හා වගකීමක් ඉෂ්ඨ කිරිම සඳහා ඊට දායකත්වය සැපයිය හැකි පිරිස සමඟින් එක් වී, අසරණ භාවයට පත්ව සිටින අපේ ජනතාව වෙනුවෙන් ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ ලබා දීමේ අරමුණින් මෙම සත්කාර්ය සිදු කරමින් පවතිනවා."


    එමෙන්ම පාරිභෝගික ජනතාව වෙත මෙම රු.5000/= හෝ රු.1000/= වන සතොස සහන මළු හෝ සිය අවශ්‍යතාවය අනුව භාණ්ඩ ලැයිස්තු ලබා ගැනීම සඳහා, සතොස ක්ෂණික ඇමතුම් අංක 1998 හෝ www.lankasathosa.lk
    යන සතොස online සේවාව ද ක්‍රියාත්මක කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya