අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගැලවීමේ හමුදාවේ මහ මූලස්ථානයෙන් කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සදහා රුපියල් ලක්ෂ 13 ක් වටිනා බයිපැප් වෙන්ටිලේටර් යන්ත්‍රයක්

    මැයි 30, 2021

    ගැලවීමේ හමුදාවේ (salvation Army) මහ මූලස්ථානය විසින් ශ්වසන අපහසුතා සහිත කොවිඩ් රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු සදහා යොදා ගන්නා රුපියල් ලක්ෂ 13 ක් වටිනා බයිපැප් වෙන්ටිලේටර් (BIPAP Ventilator) යන්ත්‍රයක් (29) දින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ප්‍රදානය කරන ලදි.

    ගැලවීමේ හමුදාවේ ජාත්‍යන්තර අරමුදල මගින් ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන හා ප්‍රතිකාර කටයුතු සදහා වෙන් කළ මුදලින් මෙම වෙන්ටිලේටර් යන්ත්‍රය මිලදී ගෙන ඇත. මෙම වෙන්ටිලේටර් යන්ත්‍රය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා වෙන්කර ඇති හිගුරක්ගොඩ මුලික රෝහලට ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරියේ දී කටයුතු කරනු ඇත.

    මෙම ප්‍රදානය ලබාගනිමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ ශ්වසන අපහතාවයට පත්වන කොවිඩ් රෝගීන්ට කෘත්‍රීම ශ්වසනය ලබාදීම සදහා මෙම උපකරණය අවශ්‍ය වන බවත්, රෝගියෙක් දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරන තෙක් එම රෝගියාට අවශ්‍ය කෘත්‍රීම ශ්වසනය ලබාදීමට මෙම උපකරණය මහත් සේ උපකාරී වන බවයි.

    මෙම අවස්ථාවට ගැලවීමේ හමුදාවේ ප්‍රදේශ භාර මූලික තුමා වන කර්නල් නිහාල් හෙට්ටිආරච්චි මහතා, මහජන සම්බන්ධතා ලේකම් කර්නල් ඇලිස්ටර් පිලිප් මහතා, පොළොන්නරුව ව්‍යාපෘති කළමණාකරු දිනූෂ රාජපක්ෂ මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya