මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එන්නත්කරණය සිදුකරනු ලබන්නේ වැඩිම කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ ස්ථාන ඉලක්ක කරගනිමින් රෝගය පැතිරීම වැළැක්වීමට සැකසූ යම් ක්‍රමවේදයකට අනූවයි - යුද හමුදාපති

    මැයි 29, 2021

    එන්නත්කරණය සිදුකරනු ලබන්නේ පසුගිය දින 14 – 21ක කාලසීමාව තුළ වැඩිම කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ ස්ථාන ඉලක්ක කරගනිමින් පැතිරීම වැළැක්වීමට සැකසූ යම් ක්‍රමවේදයකට අනූව විනා ඇතැම් ස්ථාන වල ඇතැම් තත්ත්වයන් යටතේ එන්නත්කරණයක් සිදුනොකරන බව අද දින රූපවාහිනී වැඩසටහනකට අදහස් දක්වමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

    මේ වන විට ලංකාවේ මිලියන 1.8කට සුළු වශයෙන් වැඩි පිරිසකට එන්නත්කරණය සිදුකර ඇති බවද, සයිනොෆාම් එන්නත් ලක්ෂ 06ක් ලබාදීමෙන් අනතුරුව දින 02කට පෙර චීන රජය විසින් ජනපතිට නොමිලේ ඒම එන්නත් ලක්ෂ 05ක් ලබාදුන් බවද සිහිපත් කළ යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ ජනපති විසින් ඒම ඒන්නත් වලින් 125000ක් මාතර, ගාල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්ක සදහා ලබාදෙන ලෙස පැවසූ අතර ඉතිරි එන්නත් 375000ක ප්‍රමාණය පළමු මාත්‍රාව ලක්ෂ 06 ලබාදුන් පුද්ගලයන් සදහා ජුනි මස 08 වනදා සිට ඉදිරියට දෙවන මාත්‍රාව වශයෙන් ලබාදීමට රදවා තබාගන්නා ලෙස ජනපති උපදෙස් ලබාදුන් බවද පැවසුවේය.

    ඊයේ (28) හවස ස්ථිරවම ජූනි 08 වනදා සිට ලබාදීමට තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් චීන රජයෙන් ලබාගැනීමට හැකි බවට පණිවිඩයක් ලද බවද ඉන්පසු ඊයේ හවසම තවත් එන්නත් මිලියනයක් චීන රජයෙන් ඒම ආකාරයෙන්ම අප රටට ලැබීමට නියමිත බවට තවත් පණිවිඩයක් ලද බවද ඒමනිසා ඊයේ හවසම ජනපතිතුමන් විසින් ස්ථිරවම ඒම එන්නත් ප්‍රමාණයන් මෙරටට ලැබීමට නියමිත බැවින් අතේ රදවාගෙන තිබූ ඒන්නත් 375000ක ප්‍රමාණය අද දිනයේ සිට එන්නත්කරණය අරඹන ලෙස උපදෙස් ලබාදුන් බවද යුධහමුදාපතිතුමන් පැවසුවේය.

    ඒ අනූව කොළඹ දිස්ත්‍රික්කයේ ලක්ෂයක්, ගම්පහ දිස්ත්‍රික්කයේ 75000ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයට 50000ක් මාතර දිස්ත්‍රික්කයට 25000ක් සහ ඊට අමතරව අද සහ හෙට දිනයන්ගෙන් අරඹා වැඩිපුර කොවිඩ් අංසාදිතයන් හමුවූ රත්නපුර දිස්ත්‍රික්කයට 50000ක් සහ යාපනය අර්ධද්වීපයට තවත් 50000ක් වශයෙන් ඊයේ රාත්‍රිය පුරා එන්නත් බෙදාදීමට ක්‍රියා කළ බවද ඔහු සදහන් කළේය.

    එලෙස සයිනොෆාම් එන්නත් අද සිට මෙලෙස ඉදිරියට එන්නත්කරණය කරනු ලබන අතර ස්පුට්නික් එන්නත් 50000ක් ලංකාවට රැගෙන ආ අතර සමහර විශේෂඥවරු එම එන්නත් සම්බන්ධයෙන් එක් මාත්‍රාවක් පමණක් ලබාගැනීමද ප්‍රමාණවත් බව දන්වා ඇති අතර අවශ්‍ය වුවහොත් ඉදිරියේදී දෙවන මාත්‍රාවද ලබාදීමට කටයුතු කරන බවද ඔහු පැවසුවේය.

    දැනට පවතින තත්ත්වය අනූව ඒක මාත්‍රාවක් පමණක් ස්පුට්නික් එන්නත ලබාදීම ප්‍රමාණවත් යැයි සදහන් වන බැවින් මෙරටට රැගෙන ආ එම ඒන්නත් 50000 හෙට සිට මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය කිරීමට බලාපොරොත්තු වන බවද පැවසුවේය.

    සයිනොෆාම් එන්නතෙහි දෙවන මාත්‍රාව ජූනි 08 සිට බලාදීමට බලාපොරොත්තු වන බැවින් ඊයේ අප රටෙහි ඇති ප්‍රධාන දුරකතන සමාගම් වල ප්‍රධානීන් කැදවා සාකච්ඡාවක් පවත්වමින් ඉදිරියේදී ජංගම දුරකතන යෙදවුමක් ඒනම් ඇප් එකක් ආශ්‍රයේ ජනතාවට තමන් භාවිතා කරන දුරකතන ජාලය හරහා තම අංකය සහ නම පළමු එන්නත් මාත්‍රාව ලබාගත් දිනය සහ ස්ථානය ලබාදී ඒම දත්ත විශ්ලේෂණය කර දෙවන මාත්‍රාව ලබාගතයුතු දිනය සහ ස්ථානය ඔවුන් වෙත ලබාදීමේ නව ක්‍රමවේදයක් ඉදිරි දින කිහිපයේදී සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් තදබදය අඩුකරගැනීමට ඵලදායී පියවරක් වන අතර එයට අනුගත නොවන අය සදහා ග්‍රාම සේවක වසම් මට්ටමෙන් පෝලිම් ක්‍රමයට එන්නත ලබාදීමටත් කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.

    එන්නත්කරණ ක්‍රියාවලියේ ආරම්භයේ පැවති මන්දගාමී ස්වරූපය වෙනස් කිරීම සදහා ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ත්‍රිවිධ හමුදාව යෙදවූ බවත් ඒ හරහා සෞඛ්‍ය අංශ වලට විශාල සහයක් සහ ඒන්නත්කරණ ක්‍රමවේදය කඩනම් වූ බවද ඔහු සිහිපත් කළේය.
    එන්නත්කරණය සිදුකරන යම් යම් ස්ථාන වල ගැටලු මතුවනු නිරීක්ෂණය කළ අතර ජනපති සමග ඒ පිළිබදව සාකච්ඡා කළ බවද ඉදිරියේදී ලබන අත්දැකීම් තුළින් මෙම තත්ත්වයන් වළක්වා ගනිමින් ජනතාව අසීරුවට පත් නොවන ආකාරයෙන් මෙම එන්නත්කරණය කරගෙන යෑමට බලාපොරොත්තු වන බවද සිහිපත් කළ යුධ හමුදාපතිවරයා කියා සිටියේ අපි සැමදා ජයග්‍රාහී ජාතියක් බවත් කොවිඩ් මර්දනය සදහා සියලු අංශ ඒකට ඒකතුවී කටයුතු කරන බවයි.

    දැනට ලැබී ඇති දත්ත අනූව සයිනොෆාම් ඒන්නත් මිලියන 14ක්, ස්පුට්නික් එන්නත් මිලියන 13ක් ෆයිසර් එන්නත් මිලියන 05ක් ආදී වශයෙන් සමස්ථ එන්නත් මිලියන 33 – 34 ක ප්‍රමාණයක් ලංකාවට ලැබීමට නියමිත අතර ගණනය කර ඇති ආකාරයට තව පුද්ගලයන් මිලියන 14.5ක් සදහා එන්නත්කරණය සිදුකළ යුතුව ඇත.

    මෙම එන්නත් සියල්ල මෙම වසර අවසානයට පෙර ජනතාව වෙත ලබාදීමට කොවිඩ් මර්දන කාර්යය සාධක බලකාය දැනුම් දී ඇති බවද පැවසූ යුධහමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ ජනතාවගේ සහයෝගයද උපරිමයෙන් සෞඛ්‍ය අංශ වෙත ලබාදෙමින් සියලු දෙනා එක්වෙමින් කටයුතු කර කොවිඩ් රටෙන් හැකි ඉක්මණින් පළවා හැරීමට ක්‍රියා කළ යුතු බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya