මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොත්මලේ වේල්ල ආසන්න මාර්ගයේ ගිලා බැසීම සම්බන්ධයෙන් සොයා බැලීමට රාජ්‍ය ඇමති නිරීක්ෂණ චාරිකාවක..

    මැයි 29, 2021

    කොත්මලේ වේල්ල ආසන්න මාර්ගයේ ගිලා බැසීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදුයටිතලපහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා , සහ මහවැලි ඉංජිනේරුවන් පිරිසක් එම ස්ථානයේ නිරීක්ෂණයක නිරත වෙයි.

    කොත්මලේ ජලාශ වේල්ල ආසන්න මාර්ගයේ ඇතිවූ ගිලා බැසීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදුයටිතලපහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා (27) එම ස්ථානයේ සංචාරයක නිරත විය.

    රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා, සමඟ එම අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කීර්ති බී කොටගම මහතා ඉංජිනේරුමය කාර්‍ය්න් පිළිබඳව මධ්‍යම උපදේශක කාර්‍යංශයේ සභාපති ඉංජිනේරු අයිවන් සිල්වා මහතා, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ප්‍රධාන ජලාශ හා වේලි සම්බන්ධ මෙහෙයුම් අධ්‍යක්ෂ රෝහන අරුප්පොළ මහතා, කොත්මලේ ජලාශ වේල්ල භාර කාර්‍ය භාර ඉංජිනේරු ආර්.එම්.එස් වත්සල මහතා ඇතුළු පිරිසක් මෙම නිරීක්ෂණ සංචාරය සඳහා එක්ව සිටියහ.

    මෙහිදී සිරිපාල ගමලත් මහතා නිලධාරීන් ට උපදෙස් ලබා දෙමින්, කියා සිටියේ අදාල මාර්ගය මෙලෙස ගිලා බැසීමට හේතුව විද්‍යත්මකව හඳුනා ගැනීමෙන් අනතුරුව අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙසයි.

    නිරීක්ෂණ චාරිකාවට, එක්වෙමින් මහවැලි ප්‍රධාන ජලාශ හා වේලි නඩත්තු කටයුතු භාර අධ්‍යක්ෂ රෝහන අරුප්පොළ මහතා පෙන්වා දුන්නේ මාර්ගය ගිලා බැසීම හේතුවෙන් ජලාශ වේල්ල ට කිසිඳු හානියක් හෝ බලපෑමක් ඇති නොවන බවයි. ඒ අනුව ජලාශය ට, පහලින් ජීවත් වන ජනතාව ට කිසිඳු බියක් ඇතිකර නොගත යුතු බවද ඔහු පැවසුවේය.

    මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් මහවැලි , වාරිමාර්ග , ශ්‍රී ලංකා පොලීසිය, මහාමාර්ග අධිකාරිය, ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් විශේෂ සාකච්ඡාවක් අද දහවල් කොත්මලේ මහවැලි කාර්‍යාලයේදී පැවැත්විණි.
    ඒ සඳහා වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මැතිතුමාද සහභාගී වී සිටියේය. මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු ඉංජිනේරුමය කාර්‍ය්න් පිළිබඳව මධ්‍යම උපදේශක කාර්‍යංශයේ සහාය ඇතිව සිදුකිරීමට මෙහිදී තීරණය කෙරුණි.

    ඒ සඳහා මාසය පමණ කාලයක් ගත වන බැවින් වේල්ල හරහා මාර්ගය ඔස්සේ ගමන් ගන්නා සියළු ප්‍රවාහන කටයුතු සඳහා විකල්ප ක්‍රියා මාර්ග ගැනීමට ද අවධානය යොමු විය. මේ වන විට කොත්මලේ ජලාශ වේල්ල මත සියළු ප්‍රවාහන කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.

    ඒ අනුව කොත්මලේ ජලාශ වේල්ල හරහා අරංගල , කලපිටිය, යන ප්‍රදේශ වල ට ගමන් ගන්නා ජනතාව සඳහා බස් රථ ධාවනය වේල්ල ආසන්නයට පමණක් ධාවනය කරවීමටත් වේල්ල හරහා පාගමනින් ගොස් යලි බස් රථ මඟින් දෙදිශාවට ගමන් ගැනීම සඳහා ප්‍රවාහන පහසුකම් සැලසීමටත් පියවර ගෙන තිබේ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya