අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      MV X-Press Pearl නෞකාවේ ගින්න පිළිබදව සමාජ මාධ්‍ය ඔස්සේ සිදු වන ඇතැම් ප්‍රචාර සාවද්‍යයි - රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා

    මැයි 28, 2021

    MV X-Press Pearl නෞකාවේ ගින්න පිළිබදව සමාජ මාධ්‍ය ඔස්සේ සිදු වන ඇතැම් ප්‍රචාර සාවද්‍යයි - ගින්න සම්බන්ධයෙන් වගකිවයතු පුද්ගලයින් සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා නීතිමය වැඩපිළිවෙලක් - රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා

    මෙම නෞකාව වරයන් දෙකකටම ඇතුළත් වීමට නොහැකිව ලංකාවට පමණක් ඇතුළත් වීමට අවසර ලබා දී ඇතැයි යන්න සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරණය සම්පුර්ණයෙන්ම සාවද්‍ය බව නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය  බැහැර ලීම සහ ප්‍රජා පවිත්‍රතා රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා අද (28) ප්‍රකාශ කළේය.

    ඒ මහතා මේ බව කියා සිටියේ අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ MV X-Press Pearl නෞකාවේ ගින්න පිළිබදව පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

    සමාජ ජාලා වල සඳහන් වන ආකාරයට නොව කටාර් වරාය සහ ඉන්දියානු වරායන් දෙකටම මෙම නෞකාව ඇතුල් වී ඇති අතර ඒවායෙහි දී බහලුම් හුවමාරුව ද සිදු කොට තිබෙන බවත්, ලංකාවට පැමිණෙන විට නෞකාව බහලුම් කන්ටේනර් 1,486 ක් පමණ රැගෙන විත් ඇති අතර, ඉන් 513 ක් ම ලංකාවේ දී ගොඩ බෑමට නියමිතව තිබී ඇත.

    මෙම නෞකාවේ වැඩි ප්‍රමාණයක් රසායනික ද්‍රව්‍ය වලින් සමන්විත වී ඇති අතර පවතී කාලගුණ තත්ත්වය ද හේතුවෙන් ගින්න පාලනය කිරීමට නොහැකි තත්ත්වයට පත් වීම නිසා සම්පුර්ණයෙන්ම ගිනිබත් වී ඇති නෞකාව හේතුවෙන් මේ වන විට වෙරළ සම්පුර්ණයෙන්ම අපවිත්‍ර වී තිබෙන බවත්, එනිසා ලංකාවේ සමුද්‍ර ජීවයටත් එමඟින් අවදානම් තත්ත්වයක් උද්ගතව තිබෙන බවත්, රාජ්‍ය අමාත්‍යවරයා මෙහි දී සඳහන් කර සිටියේය.

    කෙසේවුව ද, මෙවැනි හදිසි තත්ත්වයක දී විවිධ අමාත්‍යංශ, අධිකාරී හා සියලුම අංශ සම්බන්ධ වන යාන්ත්‍රණයක් තිබෙන බවත්, එය කඩිනමින් ක්‍රියාත්මක කරමින් මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගයන් පිළිබඳව වැඩපිළිවෙලක් සකස් කිරීමට කටයුතු කළ අතර වෙරළට ගසා එන රසායනික ද්‍රව්‍ය වල වැඩි හානිකර තත්ත්වයක් තිබෙන නිසා ඉතාමත් සුපරික්ෂාකාරිව ත්‍රිවිධ හමුදාව, ආපදා කළමනාකරණ අංශ එක්ව මේ වන විට වෙරළ පවිත්‍ර කිරීමේ කටයුතු ආරම්භ කොට තිබෙන බව ද මෙහි දී සඳහන් කෙරිණි.

    මේ වන විට නෞකාවේ ගිනි ගැනීම සම්බන්ධයෙන් වගකිවයතු පුද්ගලයින් සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා ද අවශ්‍ය නීතිමය වැඩපිළිවෙලක් ආරම්භ කොට තිබේ.

    ඒ අනුව, නීතිපති දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වී ඊට වගකිවයුතු පුද්ගලයින් විමර්ශනය කර නඩු පැවරීමට හා වන්දි ලබා ගැනීමටත් කටයුතු කරන බවත්, නෞකාව ගිනිබත් වීමෙන් පසු කඳු වන රසායනික බලපෑම නිසා මේ වන විට ධීවර ජනතාවට මෙම වෙරළ කලාපයේ සහ මිගමුව කලපුව තුළත් තම ධීවර කටයුතු කිරීමට නොහැකිව තිබෙන හෙයින් අපහසුතාවයට පත් ව සිටින ධිවර ප්‍රජාවට සහන සැලසීමට ධීවර අමාත්‍යාංශය මඟින් කටයුතු සලසන බව ද ඒ මහතා මෙහි දී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

    මෙම මාධ්‍ය හමුව සදහා, ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳුපුර, ධීවර සහ ජලසම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් සුසන්ත කහවත්ත, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආර්.ඒ.එස්. රණවක, මධ්‍යම පරිසර අධිකාරියේ අන්තරාකාරී අපද්‍රව්‍ය සහ රසායනික ද්‍රව්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර, අපදාකලමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජනරාල් සුදන්ත රණසිංහ, වරාය හා නාවික අමාත්‍යංශයේ වෙළඳ නැව් අධ්‍යක්‍ෂ ජනරාල් අජිත් සෙනවිරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya