මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      වරාය නගර පනත සම්මත වීමත් කෝවිඩ් වසංගතයත් අතර කිසිදු සම්බන්ධක් නෑ - විපක්ෂය නගන්නේ පුහු තර්කයක් - අමාත්‍ය වාසුදේව නානායක්කාර

    මැයි 29, 2021

    වරාය නගර පනත සම්මත කරගැනීම කුමන ආකාරයකින්වත් කඩිනමින් සිදු වූ කටයුත්තක් නොවන බවත්, කාලාන්තරයක් තිස්සේ පැවති ක්‍රමවේදයක ප්‍රතිඵලයක් ලෙස මෙය ඉදිරිපත් කිරීමට කටයුතු කළ අතර කෝවිඩ් වසංගතයට මෙයින් කිසිදු බලපෑමක් නොවනවා සේම රජය මඟින් ක්‍රියාත්මක කරන කෝවිඩ් මර්ධන වැඩසටහනට ද මෙසේ ආයෝජකයින්ගේ සහභාගීත්වය විශේෂයෙන් වැදගත් වන බවත් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසා සිටි.


    (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

    එමෙන්ම, මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා,

    වරාය නගර පනත නොගෙනාවා නම් කොරෝනා තත්ත්වය සමනය වෙනවාද, මේ අවස්ථාවේ දී විපක්ෂය චෝදනා නගන්නේ රටේ මෙවන් තත්ත්වයක් තුල මෙම පනත ගෙන ඒම විශාල වැරැද්දක් බවයි. මේ අවස්ථාවේදී වරාය නගර පනත සම්මත කරගැනීම අපේ රටට වාසියක් වනවා. ඒ තුලින් විදේශීය ආයෝජකයන් අපේ රටට ගෙන්න ගන්න පුළුවන්. එසේ විදේශ ආයෝජකයන් පැමිණීම රටේ මූල්‍ය ස්ථාවරයන්ට මෙන්ම රුපියලේ අගය ඉහළ යාමටත් හේතුවක් වෙනවා. එයත් අදාලයි මේ කෝවිඩ් මර්ධන කටයුතු සිදුකිරීමේ දැවැන්ත ක්‍රියාවලියට. මෙම පනත සම්බන්ධයෙන් අධිකරණයෙන් දෙන ලද සංශෝධන පිළිබඳව අදහස් දැක්වූ වාසුදේව නානායක්කාර මහතා, “අධිකරණය මඟින් සංශෝධන කීපයක් ඉදිරිපත් කොට තිබුනා. එම සංශෝධන වචන සම්බන්ධයෙන් වන සංශෝධනයි. ඒ හැම සංශෝධනයක්ම අප විසින් ඉදිරිපත් කරන ලද සංශෝධනයි. නීතිපති තුමාගේ පාර්ශවයෙන් අපි සංශෝධන අටක් ඉදිරිපත් කලා. ඒ අටෙහි අඩංගු මූලික කරුණු ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයට සමාන වන බව තහවුරු වී තිබෙනවා. අනිකුත් සංශෝධන සාමාන්‍ය සංශෝධන”.

    මෙම පනත ඉතා මැනවින් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව රජයට සම්බන්ධ සියළු පක්ෂ වල සාමාජිකයන් වශයෙන් අපත් සංශෝධන කීපයක් ඉදිරිපත් ළ බවත්, වරාය නගර කමිටුව සඳහා ලාංකීකයන් තිදෙනකු අනිවාර්යයෙන් සිටිය යුතු බවත්, එහි සභාපති ශ්‍රී ලාංකීකයෙකු විය යුතු බවත් යෝජනා කළ අතර ඒ සඳහා ද එකඟතාවය ලැබී තිබෙනවා යැයි සඳහන් කළ වාසුදේව නානායක්කාර මහතා , විදේශීය පුරවැසියන් සඳහා රටේ ප්‍රධාන මර්මස්ථාන භාරදීම පිළිබඳ පෙර අත්දැකීම් ලබා ගෙන පාඩම් උගත් බැවින් මෙම වරාය නගර කමිටුවේ සභාපති ධුරය ශ්‍රී ලාංකීකයෙකුට හිමිවිය යුතු බව අවධාරණයෙන් කියා සිටිනු ලැබු අතර එම සංශෝධනය ද ක්‍රියාත්මක වීම යහපත් තත්ත්වයක් බව ද මෙහි දී පෙන්වා දුන්නේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya