අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නෞකාවේ ගින්නෙන් ධිවර ජනතාවට සිදු වු හානිය පිළිබද සොයා බැලීමට අමාත්‍ය දේවානන්දා කටයුතු කරයි

    මැයි 29, 2021

    MV X - press pearl නෞකාවේ ගින්නෙන් ධිවර ජනතාවට සිදු වු හානිය පිළිබද සොයා බැලීමට අමාත්‍ය දේවානන්දා කටයුතු කරයි.

    MV X - press pearl නෞකාවේ පිපිරීම හේතුවෙන් පානදුර සිට හලාවත දක්වා වු වෙරළ තීරයේ ධීවර ජනතාවට සිදු වු හානිය පිළිබද තක්සේරු කර වාර්තාවක් තමා වෙත ලබා දීමට අවශ්‍ය කටයුතු කරන ලෙසත් එසේ හානියට පත් වු ධීවරයන් සදහා යම් සහන සැලසීමට අවශ්‍ය නම් ඒ සදහා නිර්දේශයන්ද තමා වෙත ලබා දීමට අවශ්‍ය කටයුතු කරන ලෙසත් ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය ඇතුළු නිලධාරීන්ට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා උපදෙස් ලබා දෙන ලදි.


    මේ පිළිබදව නාරා ආයතනය, පරිසර අධිකාරිය හා අනෙකුත් ආයතන හා එක්ව කරන්නා වු පර්යේෂණ වලින් සිදු වී ඇති හානිය සහ ඒවාට වන්දි ලබා ගැනීම පිළිබදවද අවශ්‍ය කටයුතු අදාල ආයතන සමග සිදු කරන ලෙස අමාත්‍යාංශ
    ලේකම්තුමිය ඇතුළු නිලධාරීන් වෙත අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී ඇත.

    එමෙන්ම නාරා ආයතනයෙන් MV X - press pearl නෞකාවේ පිපිරීම නිසා මුහුදු ජීවීන්ට හා මුහුදු පරිසර පද්ධතියට බලපෑමක් සිදු වී ඇති ද යන්න පිළිබද වාර්තාව තමන් වෙත ලබා දීමට නියමිත බවද සදහන් කළ අමාත්‍යවරයා, ඒ අනුව ඉදිරි කටයුතු සිදුකිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya