අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුපියල් පන්දහසේ දීමනාව නැවත - රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

    මැයි 28, 2021

    පවතින කොවිඩ් 19 වසංගතය සම්බන්ධයෙන් අවධානය යොමු කර එළඹෙන ජුන මාසයේ 02දා සිට රුපියල් පන්දහසේ දීමනාව නැවත ලබාදීමට කටයුතු කරන බවත්, මේ වන විටත් කිසියම් පුද්ගලයකු රජයෙන් ලබන දීමනාව රුපියල් පන්දහසට වඩා අඩු නම් එම හිඟ මුදල ලබාදීමට කටයුතු කරන බවත්, සමෘද්ධි, ගෘහ ආර්ථිකය, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධනය සහ ඌන උපයෝජිත රාජ්‍ය සම්පත් සංවර්ධනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

    අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම හා කොවිඩ් සංචරණ සීමා තත්වය යටතේ ජනතාවට සහන ලබාදීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (28දින) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ අඩු ආදායම්ලාභී ජනතාවට මෙන්ම විවිධ දීමනා ඉල්ලුම් කළ කණ්ඩායම් වෙනුවෙන් රුපියල් පන්දහසේ දීමනාව ලබාදීමට, පවතින තත්ත්වය තුළ සිය ආදායම් මාර්ග අහිමි වූ පිරිසට රුපියල් පන්දහසේ දීමනාව ලබාදීමට රජ තීන්දු කර ඇති බවත්, පළමුවෙන්ම සමෘද්ධි ප්‍රතිලාභීන් වෙත එම දීමනාව ලබාදී ඉන් පසුව හැකි ඉක්මනින් සියලු දෙනා වෙත දීමනාව ලබා දීමට කටයුතු කරන බවත්ය.

    ඒ අනුව පවුල් ලක්ෂ හැට පහකට ආසන්න ප්‍රමාණයකට මෙම දීමනාව ලබාදීමට නියමිත බවත්, මූලික වශයෙන් ඒ සඳහා අවශ්‍ය මුදල් රජයෙන් වෙන් කර ඇති බවත්,අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya