අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුල්ලේරියාව නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත නාවික හමුදා සේවා වනිතා ඒකකයෙන් පරිත්‍යාගයක්

    මැයි 14, 2021

    ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ තවත් සමාජ සත්කාරයක් ලෙස මුල්ලේරියාව නැගෙනහිර කොළඹ මූලික රෝහලෙහි විශේෂ මාතෘ ඒකකය වෙත HDU/ICU (High Dependency Unit / Intensive Care Unit) වර්ගයේ ඇඳන් 03 ක් පරිත්‍යාග කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න  මහතාගේ සහභාගීත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ   සභාපතිනී චන්දිමා උළුගේතැන්න  මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2021 මැයි මස 13 දින නාවික හමුදා මූලස්ථානයේ පිහිටි ප්‍රදීපාගාර අවන්හලේදී සිදුකරන ලදී.

     

    නැගෙනහිර කොළඹ මූලික රෝහලෙහි කොවිඩ්-19 ආසාධිතව ප්‍රතිකාර ලබන මව්වරුන්ගේ ප්‍රයෝජනය සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ අරමුදල් මඟින් ලබා ගන්නා ලද HDU/ICU වර්ගයේ විශේෂ ඇඳන් 03 ක් එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා වෙත පරිත්‍යාග කිරීම මෙලෙස සිදු කරන ලදි. මෙම අවස්ථාව සඳහා මුල්ලේරියාව නැගෙනහිර කොළඹ මූලික රෝහලේ වෛද්‍ය කාංචනා ජයතිලක මහත්මිය, සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකා අයෝණි වෑවිට මැතිණිය සහ නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු සීමිත පිරිසක් සහභාගී වූහ.

     

    තවද, සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙළට සහය වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය දායකත්වය මත නාවික හමුදාව විසින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඉදිකරනු ලබන මහල් 12කින් යුතු විශේෂ හෘද ප්‍රතිකාර සංකීර්ණයෙහි (Cardiac & Critical care complex) මේ වන විට මහල් 09ක් දක්වා ඉදිකිරීම් සිදු කර ඇත. දරුවන් වෙනුවෙන් ඉදිවන මෙම විශේෂ හෘද ප්‍රතිකාර සංකීර්ණයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීම සඳහා නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශය ඉතා කැපවීමෙන් කටයුතු කරනු ලබයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya