මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාමසාන් දින පණිවුඩය-සැමට රෝග බියෙන් තොර සාමය සතුට පිරි ප්‍රීතිමත් ඊද්-දුල්-ෆිතර් උත්සවයක් වේවා!

    මැයි 14, 2021

    රාමසාන් දින පණිවුඩය-සැමට රෝග බියෙන් තොර සාමය සතුට පිරි ප්‍රීතිමත් ඊද්-දුල්-ෆිතර් උත්සවයක් වේවා!

    රාමසාන් උපවාස කාලය අවසන් කරමින් ලොව පුරා විසිරී සිටින ඉස්ලාමීය බැතිමතුන් සමඟ එක්ව ඊද්-දුල්-ෆිතර් උත්සවය සමරන ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාවට මාගේ සුභාශිංසනය පළ කරමි.

    ඉස්‌ලාම් භක්‌තිකයන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය ලෙස සැළකෙන අල් කුරාණයේ නියම කොට ඇති පරිදි මාසයක් පුරා ඉටුකරන රාමසාන් උපවාසය ආගමික වශයෙන් මෙන්ම අධ්‍යාත්මික වශයෙන් ද ලොවට ගෙනඑන පණිවුඩය ඉතා වැදගත් වේ.
    උපවාස කාලයේ දී අන්‍යයන්ගේ කුස ගින්න පිළිබඳව නිවැරදි අදහසක් ඇතිවීම මගින් ඉස්ලාමීය බැතිමතුන් පරිත්‍යාගශීලී සමාජයක් උදෙසා උස් පහත් භේදයකින් තොරව පෙළගැසෙනු ඇති බව මාගේ විශ්වාසයයි.
    ආගමානුකූල නිවැරදි ඉගැන්වීම් තුළ ශික්ෂණය ලැබූ ඉස්ලාමීය ජනතාව ඉතිහාසය පුරාවට ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ අනෙකුත් ජාතීන් හා ආගම් සමඟ අන්‍යෝන්‍ය සුහඳත්වයෙන් කටයුතු කර තිබේ.
    මෙම විශ්වාසය පළුදු නොකරමින් ඉදිරියට යාම සඳහා ඉස්ලාමීය ජනතාවට තිබෙන අවශ්‍යතාව අප රජයක් ලෙස තේරුම් ගෙන ඇතිබව ද අද වැනි දිනයක සිහිපත් කළ යුතුය.
    ලොව පුරා පැතිරයන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසරේ මෙන්ම මේ වසරේ දී ද ඊද්-දුල්-ෆිතර් චාරිත්‍රයන් උත්සව සිරියෙන් සැමරීමට නොහැකිවුව ද මේ හා බැඳී පවතින ආගමික චාරිත්‍රයන් සෞඛ්‍ය මාර්ගෝපදේශ සීමාවන්ට යටත්ව ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරමි.
    උපවාස කාලයේ දී සෞඛ්‍ය පිළිවෙත් අනුව නැමදුම් සඳහා පල්ලිවලට විශාල පිරිස් වශයෙන් රැස් නොවීමට වගබලා ගනිමින් නිවෙස්වල සිට ආගමික චාරිත්‍ර ඉටුකිරීමට වගබලාගත් සියලුම ඉස්ලාම් බැතිමතුන්ට මාගේ ප්‍රණාමය හිමිවේ.
    සමස්ත ලෝකයම මෙවන් වසංගත අර්බුදයකට මුහුණ දී සිටින කාල වකවානුවක රාමසාන් උපවාසයෙන් අර්ථවත්වන ආගමික සාරධර්ම අන් හැමගේ යහපත සඳහා යොදවන්නැයි මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.
    ඔබ සැමට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය සහිත රෝග බියෙන් තොර සාමය සතුට පිරි ප්‍රීතිමත් ඊද්-දුල්-ෆිතර් උත්සවයක් වේවා !

     

    මහින්ද රාජපක්ෂ,
    ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජයේ,
    අග්‍රාමාත්‍ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya