මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඇතිව තිබෙන යම් යම් විෂමතාවයන් ඉවත් කිරීම වර්තමාන රජයේ මූලික පරමාර්ථයයි - අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

    මැයි 04, 2021

    ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඇතිව තිබෙන යම් යම් විෂමතාවයන් ඉවත් කිරීම වර්තමාන රජයේ මූලික පරමාර්ථය බවත්, රජය ඊට ප්‍රමුඛත්වයක් ලබා දෙමින් කටයුතු කරන බවත්, රජය විසින් කරන ලද විශ්ලේෂණයන්ට අනුව වෙනත් රටවල් වල විශ්ව විද්‍යාල වලට ඇතුළත් වීම සාමාන්‍යයෙන් අවුරුදු 16 න් පමණ සිදු වන අතර ලංකාවේ පවතින විවිධ හේතුන් නිසා අවුරුදු 19 හෝ ඊට වැඩි වයස් වලින් විශ්ව විද්‍යාල වලට ඇතුළත් වන බව ත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (04) රජයේ පර්වෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

    ඒ සම්බන්ධව අවධානය යොමු කරමින් මෙරට විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීමේ කාල සිමාව අඩු කිරීමේ ව්‍යායාමයක් ලෙස දෙසැම්බර් මාසයේ පවත්වන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේ
    පැවැත්වීමටත්, අගෝස්තු මස පවත්වන අ.පොස. උසස් පෙළ විභාගය ජනවාරි මස පැවැත්වීමටත් කටයුතු කිරීමට අදාළ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙන බව මෙහි දී ප්‍රකාශ කළේය.

    ඒ අනුව, දළ වශයෙන් මාස 11 ක කාලයක් ඉතිරි වන බව ද, ඊට අමතරව නැවත ප්‍රතිඵල සංශෝධනය සඳහා ගත වෙන මාස තුන හතරක කාලය ද ඉවත් කිරීමට තීන්දු කර ඇති බවත් මෙහි දී අමාත්‍යවරයා විසින් සඳහන් කර සිටියේය.

    මෙමඟින් මාස 14 ක හෝ මාස 16 ක කාලයක් ඉතිරි වන බැවින් සිසුන් විශ්ව විද්‍යාල වලට ඇතුළත් වන අවුරුදු 19 හෝ අවුරුදු 20 කාල සිමාව අවුරුදු 17 හෝ අවුරුදු 18 අතරට ගැනීමට හැකි වන බව ද මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya