අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුසියාවෙන් මෙරටට ලැබීමට නියමිත එන්නත් සඳහා ගෙවීම් සිදු කොට අවසන් - අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

    මැයි 04, 2021

    එන්නත් ලබා ගැනීම සම්බන්ධව මිල දී ගැනීමට අවශ්‍ය මුදල්වල හෝ වෙනත් කිසියම් ගැටළුකාරී තත්වයන් හෝ නොමැති බවත්, එහෙත් දැනට උද්ගතව තිබෙන තත්ත්වයන් මත උද්ගත වන ප්‍රායෝගිකව ප්‍රශ්න සහ දිනපතා වෙනස්වෙමින් පවතින තත්ත්වයන් වලට රජයක් ලෙස මුහණ දීමට උත්සහ කරන බව ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කර සිටියේ ය.


    ඒ මහතා මේ බව කියා සිටියේ, මාධ්‍යව්දියෙකු විසින් රුසියාවෙන් නිෂ්පාදිත එන්නත මෙරටට රැගෙන ඒම සහ ඉන් 15,000 ක ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ඇති අතර, ගෙන්වා ඇති ප්‍රමාණය ලබා දෙන්නේ කුමන කාලයකින් ද යන්න පිළිබඳවත් මෙහි දී අමාත්‍යවරයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීමකට පිළිතුරු වශයෙනි.

    ඒ අනුව, ප්‍රථමයෙන් රුසියාවේ නිෂ්පාදිත ස්පුටිනික් එන්නත් මිලියන 13.5 ක් මෙරටට ලැබීමට නියමිතව තිබෙන බවත්, ඉන් පසුව සෑම සිකුරාදාවක ම ලක්ෂයක ප්‍රමාණයක් ලැබීම බලාපොරොත්තු වන බවත් සඳහන් කළ ජනමාධ්‍ය අමාත්‍යවරයා, එම එන්නත සම්බන්ධව සඳහන් කිරීමේ දී එම එන්නතේ ජීව කාලය මාස හයක් වන හෙයින් එය සැළසුම් කරගත යුතු වන බවත් මෙහි දී සඳහන් කර සිටියේය.

    කෙසේ වුවද, රුසියාවෙන් ලැබීමට නියමිත ස්පුටිනික් එන්නත ඒ ආකාරයෙන් ලැබීම සඳහා ඊට අවශ්‍ය මුදල් ගෙවා අවසන් කර ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya