අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගෑස් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් කිසිඳු යෝජනාවක් ඉදිරිපත් වී නැහැ - බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල

    මැයි 04, 2021

    ගෑස් මිල වෙනස් කිරීම සම්බන්ධව කිසිඳු යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් වී නොමැති බව බලශක්ති අමාත්‍ය, කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා අද (04) කියා සිටියේය.

    ඒ මහතා මේ බව කියා සිටියේ, අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී, මාධ්‍යවේදියෙකු විසින් ගෑස් මිල වැඩි කරන්නේ ද යන්න පිළිබඳව කරන ලද ප්‍රශ්න කිරීමකට පිළිතුරු වශයෙනි.

    ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යමින් තිබෙන බව සත්‍යක් වන නමුත් මේ දක්වා ගෑස් මිල සංශෝධනය කිරීම පිළිබඳව අමාත්‍ය මණ්ඩල තින්දුවක් ගෙන නොමැති බව අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya