අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුනරින් ප්‍රදේශයේ මුහුදු කූඩැල්ලන් අපනයන ගම්මානයක්

    මැයි 04, 2021

    පුනරින් ප්‍රදේශයේ මුහුදු කූඩැල්ලන් අපනයන ගම්මානයක් ඉදිකිරීමට කටයුතු කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

    උතුරු පළාතේ ධීවර සම්පත් මෙන්ම අනිකුත් සම්පත් රටේ ආර්ථිකය සංවර්ධනයට යොදාගත යුතු බවත් ඒ සදහා මෙම පුදේශයේ රාජ්‍ය නිලධාරින් හා ජනතාව වගකීමෙන් ක්‍රියාකලයුතු බවත් ධීවර
    කටයුතු පිළිබදව පැවති විශේෂ සාකච්ඡාවේදි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.

    මෙහිදි ධීවර සංගම් නියෝජිතයන් අමාත්‍යවරයාට පෙන්වා දුන්නේ, ඉරණතිව් ප්‍රදේශයේ මුහුදු කූඩැල්ලන් අපනයන ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීම නිසා එම ප්‍රදේශයේ ධීවර ජනතාවගේ ආර්ථිකය ඉතා හොද මට්ටමකට පැමිණ ඇති අතර එවැනි ගම්මානයන් මෙම ප්‍රදේශයේ ඉදිකිරීමටද කටයුතු කරන ලෙස ය.

    මෙහිදි අමාත්‍යවරයා අදහස් දක්වමින් පවසා සිටියේ, තම අමාත්‍යංශය නිතරම ධීවර කාර්මිකයාගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර මුහුදු කූඩැල්ලන් හා කූඩුතුළ මසුන් ඇති කිරීමේ
    ධීවර කර්මාන්තයටද ධීවර පවුල්වල සාමාජිකයන් යොමුකිරීමටද අවශ්‍ය කටයුතු දැනටමත් ගෙන ඇති බවත් ඉදිරියේදි මෙම ප්‍රදේශයේද මුහුදු කූඩැල්ලන් වගා ගම්මානයක් හෝ කූඩුතුළ මසුන් ඇති කිරීමේ ගම්මානයක් පිහිටුවීමට ඇති හැකියාව පිළිබදව සොයාබලන ලෙස අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබාදෙන ලදි.

    මෙම අවස්ථාවට රාජ්‍ය නිලධාරින් හා ධීවර සංගම් නියෝජිතයන් විශාල පිරිසක් එක්ව සිටියහ.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya