අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වතු නිවාස ජනතාව වෙනුවෙන් නොමිලේ නිවාස ඉදිකිරීමේ කටයුතු තොටළඟින් ඇරඹේ

    අප්‍රේල් 30, 2021

      එක් නිවසක වටිනාකම රුපියල් මිලියන 5.6 ක්  -  නිවාස 700 කින් යුත් මහල් නිවාස සංකීර්ණයක්.

    මූලික පහසුකම්වත් නොමැති සහ වාසයට නුසුදුසු නිවාසවල ජීවත්වන වතු නිවැසියන් සඳහා සියලු පහසුකම්වලින් සමන්විත නව නිවාස නොමිලේ ලබා දීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ
    තොටළඟ, මාදම්පිටිය හංදියේ මහල් නිවාස සංකීර්ණයක් ඉදි කිරීම අද (30) දින අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි
    සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස්වලට අනුකූලව ඇරඹීමට නියමිත බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පය සහ දැක්ම යටතේ නාගරික සංවර්ධන, වෙරළ
    සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම, ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ඇතුළු සීමිත පිරිසකගේ ප්‍රධානත්වයෙන් මෙම මහල් නිවාස සංකීර්ණය ඉදිකිරීමේ
    කටයුතු ආරම්භ කෙරේ. සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස්වලට අනුකූලව මෙම ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සිදුකෙරේ.

    මෙම ඉදි කෙරෙන මහල් නිවාස සංකීර්ණය මහල් 15 කින් යුක්තයි. එහි නව නිවාස 700 කින් සමන්විත වන අතර ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සතු අක්කර 02 ක ප්‍රමාණයක ඉඩමක්
    මේ සඳහා යොදා ගැනේ.

    ඉදි කෙරෙන මෙම නව නිවාස වතු පවුල් 700 ක් සඳහා නොමිලේ ලබා දෙයි. එක් නිවසක් වර්ග අඩි 500 කින් යුක්තයි. භූමියේ වටිනාකම හැර එක් නිවසක් ඉදි කිරීම සඳහා රුපියල් මිලියන 5.6
    ක් රජය වැය කර තිබේ. ඉදි කෙරෙන සෑම නිවසක්ම විසිත්ත කාමරයකින්, නිදන කාමර 2 කින්, මුළුතැන්ගෙයකින්, නාන කාමරයකින් සහ සඳළු තලයකින් සමන්විතයි. මහල් 15 නිවාස
    සංකීර්ණයේ නිවැසියන් සඳහා විදුලි සෝපාන පහසුකම් ද සපයා තිබේ. තවද වාහන නැවතීමේ රථගාල් පහසුකම් ඇතුළු තවත් පහසුකම් රැසක් මෙම නිවාස ව්‍යාපෘතියට එක්කොට ඇති බව
    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

    නිවැසියන්ගේ එදිනෙදා අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා එක් මහලකට එක් වෙළෙඳසැලක් බැගින් මහල් 15 ට වෙළෙඳසල් 15 ක් ඉදිකිරීමට ද නියමිතය.

    Design and construction of housing unit යන ව්‍යාපෘති නාමය යටතේ ඉදි කෙරෙන මෙම නිවාස සංකීර්ණයේ කොන්ත්‍රාත්කරුවන් ලෙස තුඩාවේ සහෝදරයෝ පෞද්ගලික සමාගම ක්‍රියා
    කරයි. මෙම නිවාස සංකීර්ණය ඉදි කිරීමට රුපියල් බිලියන 04 ක මුදලක් වැය වෙතැයි ඇස්තමේන්තු ගතකර ඇත.

    Asian and infrastructure investment bank (AIIB) මෙහි මූල්‍ය ප්‍රතිපාදන සපයන අතර නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය හා නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම්
    හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය මෙම ව්‍යාපෘතිය දියත් කරයි.

    නිවාස 5000 ක් ඉදිකිරීමේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ ඉදි කෙරෙන මෙම නිවාස 700 ත් සමඟ ම නිවාස 4024 ක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

    ඒ යටතේ මේ වන විට ඇපල්වත්තේ නිවාස 700 ක්, කොළඹගේ මාවතේ නිවාස 624 ක්, ස්ටේඩියම්ගම නිවාස 1000 ක්, ඔබේසේකරපුර නිවාස 300 ක්, ෆර්ගියුසන් පාර නිවාස 750 ක් සහ
    තොටළඟ නිවාස 700 ක් සඳහා රජය මේ වන විට රුපියල් බිලියන 18 ක් වැයකර තිබේ. මේ අනුව අඩු ආදායම්ලාභීන් සඳහා ක්‍රියාත්මක කරන නිවාස ව්‍යාපෘති 9 න් මේ වනවිට නිවාස ව්‍යාපෘති
    6 ක වැඩකටයුතු රජයේ මෙහෙයවීමෙන් නිම වෙමින් පවතී.

    ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා
    මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික
    සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුගේ අධික්ෂණයෙන් මෙම නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීමට නියමිතයි

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya