ජූනි 25, 2021
tami eng youtube  twitter facebook
    logo

    ප්‍රවීණ මාධ්‍යවේදී කිංස්ලි රත්නායක ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ධූරයට

    අප්‍රේල් 29, 2021

    ප්‍රවීණ මාධ්‍යවේදී කිංස්ලි රත්නායක මහතා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ධූරයට පත් කෙරේ.

    අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී, කිංස්ලි රත්නායක මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් පත්විම් ලිපිය ලබා ගත්තේය.
    කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක් වන ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි. විසි හත් (27) වසරක මාධ්‍ය ජීවිතය තුළ ජනප්‍රිය නිවේදකයෙකු ලෙස සුවිශේෂී දක්ෂතා දක්වා ඇති ඒ මහතා ප්‍රමුඛ විද්‍යුත් මාධ්‍ය නාලිකාවක වැඩසටහන් කළමනාකරුවෙකු, වැඩසටහන් අධ්‍යක්ෂවරයෙකු, අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු සහ නාලිකා ප්‍රධානී ඇතුළු ප්‍රධාන තනතුරු රැසක් හෙබවීය.


    ශ්‍රී ලාංකීය ගුවන් විදුලියේ නව හැරවුමක් සනිටුහන් කළ කිංස්ලි රත්නායක මහතා නිර්මාණශීලි හැකියාවන් තුළින් මාධ්‍ය ක්ෂේත්‍රයට සුවිශේෂී කාර්ය භාරයක් ඉටුකළ අයෙකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya