අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      සංචාරක කලාප යටිතල පහසුකම් සංවර්ධනයේදී සංචාරක ආකර්ෂණය රැකෙන පරිදි කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ

    අප්‍රේල් 28, 2021

    මෙරට සංචාරක කලාප යටිතල පහසුකම් සංවර්ධනයේදී සංචාරක ආකර්ෂණය රැකෙන පරිදි කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ. මේ වසරේ සංචාරක අමාත්‍යංශයේ වාර්ෂික සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙස සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

    සංචාරක අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රගතිය විමසා බැලීම සඳහා (27) පැවති සාකච්ඡාවකදී ඇමතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

    සංචාරක අමාත්‍යංශය මේ වසරේ සංචාරක සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 519.56කි. සංචාරක ආකර්ශණීය ස්ථාන සංවර්ධනය සඳහා ඉන් රුපියල් මිලියන 37ක් වෙන්කර තිබේ.රුපියල් මිලියන 45ක් වෙන්කර ඇත්තේ සංචාරක ක්ෂේත්‍රයේ මානව සම්පත් සංවර්ධනය සඳහායි. සංචාරක ගම්මාන ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 10ක් වෙන්කර ඇති අතර දුම්රිය ස්ථාන සංචාරක ආකර්ෂණීය දුම්රිය ස්ථාන ලෙස සංවර්ධනය සඳහා රුපියල් මිලියන 62ක් වෙන්කර තිබේ.පැරණිඓතිහාසික ඕලන්ද,ලන්දේසි කොටු (Fort) සංවර්ධනය සඳහා රුපියල් මිලියන 100ක් වෙන්කර ඇත.මන්නාරම මඩු දේවස්ථානය ආශ්‍රිතව අතරමැදි නිවාස 30ක් ඉදිකිරීමට රුපියල් මිලියන 265ක් වෙන්කර ඇති අතර එය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඒකාබද්ධ ව්‍යාපෘතියකි.

    සංචාරක ආකර්ශණීය ස්ථාන වල යටිතල පහසුකම් සංවර්ධනය යටතේ යාල ගල්ගේ ප්‍රවේශය ඉදිකිරීම, මඩොල්සිම පුංචි ලෝකාන්තයේ නැරඹුම් මැදිරිය ඉදිකිරීම, බෝපත් ඇල්ල සංචාරකයන් සඳහා යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ වනවිටත් ආරම්භ වී තිබේ. සංචාරක ක්ෂේත්‍රයේ මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන් පුහුණු කිරිමේ කටයුතු ක්‍රියාත්මකයි. පහුගිය මාර්තු 31 වන දින වනවිට දිස්ත්‍රික්ක 11ක මධ්‍යස්ථාන 21කදී 1042 දෙනෙකු පුහුණුව ලබා තිබේ.

    ප්‍රජාපාදක සංචාරක ගම්මාන ව්‍යපෘතිය යටතේ සංචාරක ගම්මාන 07ක් ක්‍රියාත්මක වේ. එම සංචාරක ගම්මාන 07 සම්බන්ධයෙන් නව වෙබ් අඩවි 07ක් හඳුන්වා දීමට කටයුතු කර ඇත. දුම්රිය
    ස්ථාන නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ බදුල්ල, බණ්ඩාරවෙල හා නුවරඑළිය දුම්රිය ස්ථාන නවීකරණය සිදුවෙයි. මන්නාරම, කල්පිටිය හා මඩකලපුව පෞරාණික කොටු (Fort) ප්‍රතිසංස්කරණ කටයුතු ද මේ වනවිට ආරම්භ කර ඇතැයි මෙහිදී අනාවරණය විය.

    මෙහිදී අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා‍ සංචාරක අමාත්‍යංශය හා සංචාරක සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව සංචාරක සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව දැඩි ලෙස අවධාරණය කළේය.ඔහු පෙන්වා දුන්නේ සංචාරක කලාප ආශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධන කටයුතු වලදී ප්‍රදේශයේ හා රටේ අවශ්‍යතාවය මත එය සිදුවිය යුතු බවයි. ඇතැම් අවස්ථා වලදී නිලධාරීන්ගේ අවශ්‍යතාවයට අනුව මෙම සංවර්ධන කටයුතු සිදු කිරීම නිසා විවිධ ගැටුම් මතුවන බව පෙන්වා දුන් ඇමතිවරයා සංචාරක කලාප ආශ්‍රිතව යටිතල පහසුකම් සංවර්ධනයේදී සංචාරක ආකර්ශණය රැකෙන පරිදි සිදුවිය යුතු බවද අවධාරණය කළේ ය.

    සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි, අතිරේක ලේකම් දීපා සන්නසූරිය, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු යන මහත් මහත්මීහු ද මෙහිදී අදහස් පල කළහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya