අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් ව්‍යාප්ත වීම වැළැක්වීමට අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක් ම ගන්නවා- කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

    අප්‍රේල් 27, 2021

    කොවිඩ් ව්‍යාප්ත වීම වැළැක්වීමට අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක් ම ගන්නවා - නමුත් ඉදිරියේ දී පවත්නා ICU ඇඳන් ප්‍රමාණය වැඩි කිරීමටත් රජයේ අවධානය යොමුව තිබෙනවා - ජනමාධ්‍ය ඇමති


    වර්තමානයේ ලොව ප්‍රබලම රටවල් ද ඔක්සිජන් හිඟයකට මුහුණ දී ඇති විටෙක, කිසියම් රටක් එවැනි තත්ත්වයකට පත් වුවහොත් රටක් ලෙස සිදු කළ හැකි ප්‍රමාණය මත ඒ ඒ සීමාවන් ඇතිවිය හැකි බවත්, එවැනි තත්ත්වයකට ශ්‍රී ලංකාව පත් නොවන ආකාරයෙන් මේ සම්බන්ධව තිබෙන අවදානම පිළිබඳව නිරන්තර සාකච්ඡාවට බඳුන් කරමින් මෙරට ජනතාව දැනුවත් කරමින් හැකි තරම් වෛරස ව්‍යාප්තිය වැළක්වීම උදෙසා රට ආවරණය කර ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කර ගැනීමට හැකි උපරිම උත්සාහය දරණ බව ජනමාධ්‍ය ඇමති, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කියා සිටියේය.


    ඒ මහතා මේ බව කියා සිටියේ මාධ්‍යවේදියෙකු විසින් ඉදිරියේ දී රට තුළ හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් ඒ සඳහා මුහුණ දීමට ප්‍රමාණවත් ඔක්සිජන් සංචිතයක් පවතී ද? දැනට තිබෙන ඔක්සිජන් ප්‍රමාණවත් ද? යනුවෙන් කරන ලද ප්‍රශ්න කිරීමට පිළිතුරු වශයෙනි.

    එමෙන්ම, මේ මොහොත වන විට ඉදිරි සැළසුම් සහගතව කටයුතු කරමින් පවතින අතරම පවත්නා ඔක්සිජන් ප්‍රමාණය දැනට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ප්‍රමාණයන් පිළිබඳව සැහීමකට පත්විය හැකි මට්ටමේ තිබෙන බවත්, කොවිඩ් ව්‍යාප්තිය වැලක්වීම උදෙසා සෑම අංශයකින්ම ගත යුතු සියලු ක්‍රියාමාර්ගයන් සහ ඒ ඒ ක්‍රියාමාර්ගයන් ශක්තිමත් කිරීමට මේ වන විට කටයුතු කරමින් පවතින බවත්, ICU ඇඳන් දැනට අවශ්‍ය ප්‍රමාණයට තිබෙන නමුත් ඉදිරියේ දී පවත්නා ICU ඇඳන් ප්‍රමාණය වැඩි කිරීමටත් රජයේ අවධානය යොමුව තිබෙන බවත්, ඇතැම් ප්‍රදේශ වල තිබෙන ICU ඇදන් ප්‍රමාණයේ අඩුවක් දක්නට
    ලැබෙන හෙයින් ප්‍රදේශ වල තිබෙන ඇඳන් ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කරන බවත්, කොවිඩ් පළමු සහ දෙවන අදියරේ දී පාලනය කළා මෙන් තුන්වන අදියරේ දී ද පාලනය කර ගැනීමට කටයුතු කරනු ලබන බවත්  අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය.

    සිදු විය යුත්තේ වෛරසය ව්‍යාප්ත කරගෙන එය ව්‍යාප්ත වීම වළක්වන්නේ කෙසේ ද යන්න සාකච්ඡා කිරීම නොව නොව වෛරස ව්‍යාප්තිය වැලක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම බවත් හෙතෙම මෙහි දී ප්‍රකාශ කරන ලදුව, ලොව අන් ප්‍රබල රටවල් උදාහරණයට ගෙන හෝ පවත්නා තත්ත්වය හමුවේ මෙරට ජනතාව හැකි පමණ කොවිඩ් ව්‍යාප්තියේ ආදීනව පිළිබඳව දැනුවත් කර ආරක්‍ෂිත කරුණු සියල්ල නොවරදවා ම සිදු කරවීම පිළිබඳ ව ජනතාවගෙන් ඉල්ලීම මාධ්‍ය අමාත්‍යවරයා ලෙස තමන්ගේ වගකීම වන බවත්, එවැනි අවාසනාවන්ත තත්ත්වයක් මෙරටට උදාවුවහොත් ඊට අවශ්‍ය කටයුතු ද සිදු කිරීමට ද සුදානමින් සිටින බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya