මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය නිර්ණායකයන්ට අනුකූලව මඟී ප්‍රවාහනයට ලංගම පියවර ගනී

    අප්‍රේල් 27, 2021

    මෙරට පවතින Covid-19 තත්ත්වය හමුවේ රජය විසින් ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ නිර්ණායක වලට අනුකූලව සහ එකී නිර්ණායකයන් දැඩිව ක්‍රියාත්මක කරමින් සෞඛ්‍යාරක්ෂිතව මඟීන් ප්‍රවාහනය කිරීමට කටයුතු කරන බව ලංගම නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (ධාවන) පණ්ඩුක ස්වර්ණහංස මහතා අද (27) රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසුමක දී කියා සිටියේය.

    ව්‍යාප්ත වෙමින් පවතින මෙම වෛරසය නිසා මේ වන විට පොදු ප්‍රවාහනය භාවිතා කරන මඟීන්ගේ යම් අඩුවක් දක්නට ලැබෙන බවත් සඳහන් කළ හෙතෙම කෙසේවුවත්, මේ වන විට කිසිඳු හිඟයකින් තොරව මඟීන්ට අපහසුවක් නොවනාකාරයෙන් සියලුම බස්රථ සෞඛ්‍ය නීති රීති අනුගමනය කරමින් ධාවනයට පියවර ගෙන ඇති අතර ඉදිරියේ දී ද කිසිඳු හිඟයකින් තොරව සෞඛ්‍යාරක්ෂිත ව මඟී ප්‍රවාහනය කිරීම සඳහා බස් රථ ධාවනයට යෙදවීමට කටයුතු කරන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya