අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ බන්ධනාගාර පරිශ්‍රයට ආරක්ෂක කැමරා පද්ධති සවිකෙරේ

    අප්‍රේල් 22, 2021

    බන්ධනාගාර තුළ හා ඉන් පිටත පරිශ්‍රය තුළ සිදුවන අක්‍රමිකතා පිළිබඳ විමසිලිමත් වීම සඳහා ආරක්ෂක කැමරා පද්ධතියක් සවිකිරීම ඊයේ (20) දින සිට ආරම්භ කර ඇත.

    කොළඹ බන්ධනාගාර ලෙස වැලිකඩ, කොළඹ රිමාන්ඩ්, මැගසින්, වැලිකඩ කාන්තා අංශය, බන්ධනාගාර රෝහල යන ආයතන පරිශ්‍රයන් සියල්ල ආවරණය වන පරිදි මෙම කැමරා පද්ධතිය සවිකිරීමට සැලසුම් කර ඇති අතර මෙය මෙම වසරේ අගෝස්තු මසට පෙර සවිකර නිම කිරීමට නියමිතව ඇත.

     

    මීට අමතරව කළුතර, මහර හා මීගමුව බන්ධනාගාර වලද ආරක්ෂක කැමරා පද්ධති යුධ හමුදා සම්පත් දායකත්වය මගින් සවිකිරීම සිදුකරනු ලබන බවත් එහි මුල් අදියර ලෙස කළුතර බන්ධනාගාරයෙන් මෙම ක්‍රියාවලිය ආරම්භ කරන ලද බවත් බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya