මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාස්කු දින කුරිරු ප්‍රහාරයට වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරනවා

    අප්‍රේල් 21, 2021

    පාස්කු දින කුරිරු ප්‍රහාරයට වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    පාස්කු ඉරුදින මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට අදට (21) වසර දෙකක් සපිරෙන අතර, ඒ වෙනුවෙන් පාර්ලිමේන්තු සභාගැබේ විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්විණි.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුව මෙම නිහඩතාව පැවැත් වූ අතර එහිදී විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ පාස්කු කොමිසම මගින් හෙළිදරව් කර ගත් තොරතුරු පදනම්කරගෙන සකස් කළ වාර්තාව සහ අනෙකුත් ලේඛන පදනම් කරගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවයි. අධිකරණ ක්‍රියාමාර්ග සඳහා රජය මැදිහත් නොවන බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා එම අධිකරණ ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීමසඳහා අවශ්‍ය සහාය ලබා දෙන බව සඳහන් කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරෙන විමර්ෂන කටයුතු ඉතා ස්වාධීන සිදු කිරීමට අවශ්‍ය පහසුකම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සළසා දී ඇතැයිද කීය.

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, පසුගිය රජය ජාතික ආරක්ෂාව නොසළකා හැරීම සහ දේශපාලන කටයුතු පටලවා ගැනීම හේතුවෙන් අහිංසක ජනතාවට වන්දි ගෙවීමට සිදු වූ බවයි. අදටත් එම පිරිස, විවිධ බොරු සමාජගත කරමින් , සිටින බවත් විමර්ෂනයන්ට බාධා කරමින් සමාජයේ අවධානය වෙනත් දිශාවකට යොමු කිරීමට කටයුතු කරන බවද සඳහන් කළේය. ඒ පිළිබඳව සිය කණගාටුව පළ කල අග්‍රාමාත්‍යවරයා රජයක් වශයෙන් මෙවැනි ත්‍රස්තවාදී ක්‍රියා නැවත ඇති නොවීමට ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද කීය.

    ත්‍රස්ත ප්‍රහාරය නිසා ශාරීරික පීඩා විඳින, ආබාධිත තත්වයට පත් වූ සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත්, එම පවුල් වල අයට අග්‍රාමාත්‍යවරයා සිය සංවේගය ප්‍රකාශ කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya