අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට කාර්මික පදනම ස්ථාපිත කිරීම සඳහා මුලින්ම සහය දුන් රටවල් අතර රුසියාව සිටින බව අමතක නොකළ යුතුයි - කථානායක

    අප්‍රේල් 21, 2021

    ශ්‍රී ලංකාවේ කාර්මික පදනම ස්ථාපිත කිරීම සඳහා සහාය දුන් පළමු රටවල් අතර රුසියානු සමූහාණ්ඩුව සිටින බව අප අමතක නොකළ යුතු බවත් එවකට සෝවියට් සංගමයේ සහයෝගයෙන් මෙරට වානේ සංස්ථාව , ලංකා ටයර් සංස්ථාව සහ ලංකා සීනි සංස්ථාව යන කර්මාන්ත ආරම්භ කළ බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසීය.

    කථානායකවරයා මේබව පවසා සිටියේ පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති රුසියානු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව වැනි පාර්ලිමේන්තුව සදහා නව නිලධාරී මඩුල්ලක් පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වූ විශේෂ රැස්වීමේදීය. ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මැටරි මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට අමාත්‍යවරු ,රාජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


    ශ්‍රී ලංකා රුසියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය 1998 ඔක්තෝබර් 9 වන දින ආරම්භ කරන ලද අතර, මේ වන විට මෙරට ජේෂ්ඨතම දේශපාලඥයෙකු වන වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එවකට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයාව සිටි සමයේ මෙම සංගමයේ පළමු සභාපතිවරයා ලෙස තේරී පත්වූ බව කථානායකවරයා මෙහිදී සිහිපත් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කථානායකවරයා “ශ්‍රී ලංකාව රුසියාවෙන් භාණ්ඩ විශාල ප්‍රමාණයක් ආනයනය කරයි. අනෙක් අතට රුසියාව ශ්‍රී ලංකාවේ ඉතා වටිනා ආනයනකරුවෙකි. රුසියාව වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකා තේ මිලදී ගන්නා විශාලතම ගැනුම්කරුවා බවට පත්ව ඇත.” යැයිද පැවසීය. අපනයනයේදී රුසියාව ශ්‍රී ලංකාවට ලබාදෙන බදු සහන පිළිබදවද කථානායකවරයා මෙහිදී සිය කෘතඥතාව පළ කළේය.

    මෙම රැස්වීමේදී ශ්‍රී ලංකා රුසියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංවිධානයේ අභිනව සභාපතිවරයා ලෙස අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පසුගියදා තේරි පත්විය.

    මෙහිදී අභිනව ලේකම්වරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ද උප සභාපතිවරුන් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසම්මිල් ,අරවින්ද් කුමාර් සහ වෛද්‍ය උපුල් ගලප්පත්ති යන මහත්වරු ද තේරි පත්විය.මීට අමතරව භාණ්ඩාගාරික වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි ද උප ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ද තේරි පත්විය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya