අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තර්ජාලය හරහා සිදුකෙරෙන අසත්‍ය සහ නොමඟ යවනසුළු ප්‍රකාශවලින් ආරක්ෂාවීම පිණිස අවශ්‍ය නීති සැකසීම සඳහා කැබිනට් පත්‍රිකාවක්

    අප්‍රේල් 20, 2021

    අන්තර්ජාලය හරහා සිදුකෙරෙන අසත්‍ය සහ නොමඟ යවනසුළු ප්‍රකාශවලින් ආරක්ෂාවීම පිණිස අවශ්‍ය නීති සැකසීම සඳහා කැබිනට් පත්‍රිකාවක් අධිකරණ අමාත්‍යවරයාගේ සහ ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ
    එකමුතුවෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවත්,මෙරටේ තිබෙන 17%කට අධික අයිතිකරුවෙකු නොමැති සහ ව්‍යාජ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට එමගින් බලාපොරොත්තු වන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(20) දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ හමුවේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී ඇති කැබිනට් යෝජනා සම්බන්ධයෙන් දැනුම් දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ අයිතිකරුවකු නොමැති සමාජ ජාලා ගිණුම් හරහා අසත්‍ය මෙන්ම සමාජ විරෝධී කටයුතු විශාල ප්‍රමාණයක් මේ වන විටත් සිදුවන බැවින් ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු කාලය එළඹ ඇති බවත්, වගකීම් රහිත සියලු සමාජ ජාලා මාධ්‍ය සම්බන්ධයෙන් නිසි කටයුතු කළ යුතු බවත්ය.

    මෙමගින් සමාජයට මෙන්ම ගෞරවනීය ලෙස මාධ්‍ය කලාව සිදුකරන ජනමාධ්‍යවේදීන්ටද තර්ජනයක් එල්ල වී ඇති බවත්,ඔවුන්ගේ වෘත්තීය ආරක්ෂාව සඳහා මෙන්ම එම පිරිසගේ ගරුත්වය ආරක්ෂා කිරීම උදෙසා මෙම නීති ඉවහල් කරගත හැකි බවත්,අමාත්‍යවරයා පැවසීය.

    මේ ආකාරයේ වෙබ් අඩවි සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේද යන්න වැඩිදුරටත් මාධ්‍ය මගින් විමසු විට අමාත්‍යවරයා පැවසුවේ අසත්‍ය පතුරවන වෙබ් අඩවි සම්බන්ධයෙන්ද ක්‍රියාමාර්ග ගන්නා බවයි.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya