මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විද්‍යා හා ගණිත ගුරුවරුන් පාසල්වලට විද්‍යාත්මක ආකාරයට යොමුකිරීමේ වැඩපිළිවෙලක්- අධ්‍යාපන අමාත්‍ය

    අප්‍රේල් 20, 2021

    පාසල් අතර විෂමතා රැසක් පවතින බවත් ජනප්‍රිය පාසල් සඳහා ඇති තදබදය අවම කර ක්‍රීඩා, විද්‍යාගාර ආදී පහසුකම් වැඩි කරමින් ගුණාත්මක පාසල් වැඩි කර දරුවා සහ පාසල අතර ඇති දුර ප්‍රමාණය අවම කිරීමේ අංග සම්පූර්ණ වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා අද(20) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකොරාල මහතා ඇසූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහාන් කළේය.

     

    තවද ඉදිරියේදී ගුරු පත්වීම් ලබා දීමේ දී, ගුරුවරයා සිටින ප්‍රදේශයටම විශේෂිත ගුරු පත්වීමක් ලෙස ලබා දෙන බවත් එවිට , ගුරුවරයා ජීවත් වන තුරුම ඒ පාසලටම සේවය කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේම පදිංචි ගුරුවරු එම පාසලට පත් කිරීමටත් ගුරුවරයාට තම නිවසේ සිටම පාසලට ගිය හැකි බවද සඳහන් කළේය.

    විද්‍ය පීඨ ගුරුවරු 4500ක් මෙම වසරේ පත්වීම් ලබා දෙන බවත් ලබන වසරේ විද්‍ය පීඨ පත්වීම් 6000ක් ලබා දෙන බවත් කී අමාත්‍යවරයා, ඒ අනුව පවතින ගුරු පුරප්පාඩු පිරවිය හැකි බවද කීය. විද්‍යා හා ගණිත ගුරුවරුන් පාසල්වලට විද්‍යාත්මක ආකාරයට යොමුකිරීමේ වැඩපිළිවෙලක් ඉදිරි දිනවල අරඹන බව අධ්‍යාපන අමාත්‍යවරයා කීය. ගණිත හා විද්‍යා ගුරුවරුන් සම්බන්ධයෙන් අමාත්‍යාංශය වෙනම සමීක්ෂණයක් මෑතකදී පැවැත්වූ බව කී ඇමතිවරයා ගුරුවරුන්ගේ තුලනයේ ප්‍රශ්නයක් තිබෙන බව එහිදී පෙනී ගිය බව ද සඳහන් කළේය. විද්‍යා හා ගණිත ගුරුවරුන්ගේ හිඟයක් රටේ නැතැයි ද රටේ අවශ්‍ය තරම් ගණිත හා විද්‍යා ගුරුවරුන් සිටින්නේ යයිද මහාචාර්ය වරයා කීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya