අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වරාය නගරයේ මූල්‍ය කටයුතු මෙරට විගණකාධිපතිවරයා විසින් අධීක්ෂණය කරනවා- රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත

    අප්‍රේල් 19, 2021

    වරාය නගරයේ මූල්‍ය කටයුතු මෙරට විගණකාධිපතිවරයා විසින් අධීක්ෂණය කෙරෙන බවත් එම නිසා එහි නීති විරෝධී මූල්‍ය කටයුතු සඳහා ඉඩක් නොමැති බවත්, වරාය නගරය යනු ශ්‍රී ලංකාවේ කොටසක් විනා වෙනම රාජ්‍ය සංකල්පයක් නොවන බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ ''වරාය නගරයේ ඇත්ත බොරුව '' නමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ අද(19) දින පැවති සංවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, මෙරට ඉදිවන වරාය නගරය මූලික කරගෙන ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානයක් ඉදි කිරීමට කටයුතු කෙරෙන බවත්, එවන් මධ්‍යස්ථානයක් ඉදි කිරීම හරහා කලාපයේ බේරුම්කරණ නීති කෘත්‍යයන් සිංගප්පූරුවට ගෙන නොගාස් මෙරට සිදු කිරීම හරහා මෙරට නීති වෘත්තිකයන්ට පවා වාසි දායක තත්වයක් ඇති බව බවත්, බේරුම්කරණ නඩු හරහා මෙරටට විදේශ විනිමයක් ඉපැයීමට හැකියාවක් ඇති බවත්ය.

    දේශීය ආයෝජකයන්ට වරාය නගරයේ අයෝජන කටයුතුවලට සහභාගි වීමට අවස්ථාවක් ඇත්තේද යන්න මාධ්‍ය විමසූ විට අමාත්‍යවරයා පැවසුවේ, විදේශීය ව්‍යාපාර සිදු කරන හෝ විදේශීය මුදල් උපයන දේශීය ව්‍යවසායකයන්ටද මෙම නගරයෙහි ඉඩක් පවතින බවයි.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya