අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තානාපති ආචාර්ය පාලිත කොහොන ඩෙන්ග්ෆෙන් හි ෂැවොලින් පන්සල නැරඹීමට යයි

    අප්‍රේල් 18, 2021

    තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා හෙනන් පළාතේ ඩෙන්ග්ෆෙන් හි පිහිටි ෂැවොලින් පන්සල නැරඹීමට ගියේය.

    විහාරාධිපති ෂි යොං ෂින් නාහිමියන් සහ නියෝජ්‍ය විහාරාධිපති යාන් පෙයි නාහිමියන් විසින් ආචාර්ය පාලිත කොහොන මහතා චාරිත්‍රානුකූලව පිළිගන්නා ලද අතර, ෂැවොලින් සංස්කෘතිය අත්විඳීම සඳහා විශේෂයෙන් සකස් කරන ලද ෂැවොලින් නිර්මාංශ දිවා ආහාරයකින් එතුමාට සංග්‍රහ කරන ලදී. ෂැවොලින් භික්ෂූන් වහන්සේලා නිර්මාංශික වෙති.

    ෂැවොලින් සටන් කලාව පුහුණු වන භික්ෂූන් වහන්සේලා විසින් විශේෂයෙන්ම ශ්‍රී ලංකා තානාපතිවරයා ඇතුළු දූත පිරිස වෙනුවෙන් විශිෂ්ට සන්දර්ශනයක් ද පවත්වන ලදී. තානාපතිවරයා සහ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලාගේ සංචාර, ශිෂ්‍ය හුවමාරුව සහ ශ්‍රී ලංකාවේ ෂැවොලින් මධ්‍යස්ථානයක් පිහිටුවීම ඇතුළුව ෂැවොලින් පන්සල සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව සඳහා අදහස් හුවමාරු කර ගත්හ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya