මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ සිවිල් වැසියන්ගේ ආරක්ෂාවට සිවිල් ඇඳුමින් සැරසුනු නිලධාරීන්

    අප්‍රේල් 14, 2021

    සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ දිවයිනේ ප්‍රධාන නගර තුළ සිවිල් ඇඳුමින් සැරසුනු නිලධාරීන් යොදවා සිවිල් ආරක්ෂාව තරකිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

    සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සඳහා ගන්නා ක්‍රියාමාර්ග මොනවාද යන්න සම්බන්ධයෙන් රජයේ නිල පුවත් වෙබ් අඩවිය(news.lk) කළ විමසුමකදී පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ මෙම පොලිස් නිලධාරීන් දිවයිනේ සියලුම ප්‍රධාන නගරවල සෙනඟ ගැවසෙන තැන් තැන්වල යොදවා ඒ හරහා ගැටකපන්නන් හා මුදල් කොල්ලකෑම් වැනි නීති විරෝධී කටයුතු වැළැක්වීමට කටයුතු කරන බවත්, අලුත් අවුරුදු සමයේ පැය 24 පුරාවට මෙම නිලධාරීන් යෙදවීම ක්‍රියාත්මක බවත්ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya