අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුවේට් හි ශ්‍රී ලාංකිකයින් සඳහා ලබා දෙන සහයෝගය පිළිබඳව කුවේට් රජයට ප්‍රශංසාව පළ කරයි

    අප්‍රේල් 09, 2021

    කුවේට් හි සේවය කරන ශ්‍රී ලාංකිකයින් සඳහා ලබා දෙන‍ සෞඛ්‍යසේවා පහසුකම් ඇතුළු සහයෝගය පිළිබඳව කථානායකවරයා කුවේට් රජයට සිය ප්‍රශංසාව පළකරන බව පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසීය.


    කථානායකවරයා මේබව පවසා සිටියේ ශ්‍රී ලංකා කුවේට් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ 9 වැනි පාර්ලි‍මේන්තුව සදහා නව නිලධාරී මඩුල්ලක් පත්කර ගැනීම වෙනුවෙන් පසුගියදා පැවැත්වූ විශේෂ රැස්වීමේදීය. ශ්‍රී ලංකාවේ කුවේට් තානාපති කලාෆ් බුදාහිර් මහතා, අමාත්‍යවරු ,රාජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    මෙහිදී අදහස් දක්වමින් කථානායකවරයා “කුවේට් සහ ශ්‍රී ලංකාව අතර ද්වි පාර්ශ්වික සබඳතා දශක පහකටත් වඩා පැරණියි. 1971 පෙබරවාරි 19 වන දින අප දෙරට විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා
    ඇති කර ගත්තා. මේ වසරේදී අපි දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර 50 වන සංවත්සරය සැමරුවා.ඒවගේම ලෝකයේ ශ්‍රී ලාංකික තේ මිලදී ගන්නා ප්‍රධාන රටවල් දහය අතරට කුවේටය අයත් වනවා” යැයිද පැවසීය.

    “පවතින කොවිඩ් තත්ත්වය හමුවේ ගෘහ සේවිකාවන් කඩිනමින් නැවත ශ්‍රී ලංකාවට ආපසු ගෙන්වා ගැනීමේ ක්‍රියාවලියට සහාය වීමෙන් ඔවුන්ගේ සුභසාධනය පිළිබඳව කුවේට් රජය දක්වන සහයෝගයට කෘතවේදීත්වය පළ කිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා” යැයිද කථානායකවරයා පැවසීය.

    මෙහිදී නව වැනි පාර්ලිමේන්තුවට අදාළව ශ්‍රී ලංකා කුවේට් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව සභාපතිවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ද ලේකම්වරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාද තේරී පත්විය.

    උප සභාපතිවරු වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆයිසාල් කාසිම් , අරවින්ද් කුමාර් සහ සෙල්වම් අඩෙයිකලනාදන් යන මහත්වරුද භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතාද උප‍ලේකම් ධුරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේශ් මහතාද තේරී පත් විය.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya