අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෝටල් කළමණාකරණ පුහුණු පාඨමාලාවලදී සංචාරකයින් සමඟ සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කරන ආකාරයත් පුහුණු කරනවා - සංචාරක අමාත්‍ය

    අප්‍රේල් 08, 2021

    වර්තමානයටත් අනාගතයටත් ගැලපෙන පරිදි සංචාරක හෝටල් කළමනාකරණ ආයතනයේ පුහුණු පාඨමාලා යාවත්කාලීන කිරිම කෙරෙහි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ අවධානය යොමුව තිබේ.


    ඒ අනුව ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොවිඩ් වසංගතය හමුවේ සංචාරකයන් සමග කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා හෝටල් කළමණාකරණ ආයතනය හරහා හෝටල් ක්ෂේත්‍රයට සම්බන්ධවන නවකයින් දැනුවත් කිරීමටද අවධානය යොමුව ඇත.

    ශ්‍රී ලංකා සංචාරක හෝටල් හා කළමනාකරණ ආයතනය 2021 වසර සඳහා සිසුන් 5175ක් සිය පාඨමාලා සඳහා බඳවා ගැනීමට නියමිතය. එය පසුගිය වසරට සාපේක්ෂව තුන් ගුණයක වැඩිවීමකි. 2020 වසරේ දී සිසුන් 1659 ක් හෝටල් හා කළමනාකරණ ආයතනයේ පුහුණු පාඨමාලා සමඟ සම්බන්ධ වී ඇත.

    1964 වසරේ ස්ථාපිත කෙරුණු ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනය මගින් වෘත්තීය ආහාර පිසීම, අවන්හල් සහ බාර් සේවය, සංචාරකයින් පිළිගැනීම, හෝටල් ගෘහ පාලනය, සංචාරක මාර්ගෝපදේශය, භාෂා පුහුණුව ආදී සහතිකපත් සහ ඩිප්ලෝමා පාඨමාලා රැසක් පවත්වනු ලබයි.

    කොළඹ, අනුරාධපුර, නුවර, බණ්ඩාරවෙල, රත්නපුර, කුරුණෑගල, කොග්ගල, පාසිකුඩා හා යාපනය දී මෙතෙක් මෙම පුහුණු පාඨමාලා පැවැත්වු අතර පොළොන්නරුව, පින්නවල හා යාපනය යන ප්‍රදේශවල තවත් පුහුණු පාසල් තුනක් අලුතින් ආරම්භ කිරීමට ද ආයතනය කටයුතු යොදා ඇත.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya