අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ මිනිරන් හා සිලිකා උපයෝගී කරගෙන නව නිෂ්පාදන හඳුන්වා දීමට සැරසේ

    අප්‍රේල් 08, 2021

    ශ්‍රී ලංකාවේ සිලිකා සහ මිනිරන් සම්පත් සඳහා ආයෝජනය කිරීමේ හැකියාව සහ දේශීයව ඊට අගය එකතු කිරීම සම්බන්ධයෙන් තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ෂැංහයි හි ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින් හමු වී සාකච්ඡා පවත්වා ඇත.

    මෙම සාකච්ඡා අතරට මීළඟ චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ දී (CIIE) ශ්‍රී ලංකාව සමඟ විධිමත් ලෙස හවුල් වී ප්‍රවර්ධනය කිරීම, ක්‍රීඩා හා සංස්කෘතික කටයුතු සඳහා ශ්‍රී ලංකාව සමඟ හවුල් වී කටයුතු කිරීම, ප්‍රදර්ශන චාරිකාවක් සඳහා වූෂූ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට ගෙන යාම සහ ශ්‍රී ලාංකික හා චීන ප්‍රේක්ෂකයින් සඳහා සටන් කලාව පදනම් කරගත් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම යන කරුණුද ඇතුළත් විය. එවැනි චිත්‍රපටයක් සඳහා සැලකිය යුතු උද්යෝගයක් වූ අතර, එමඟින් සංචාරක කටයුතු පිළිබඳ පුළුල් උනන්දුවක් ද අපේක්ෂා කෙරේ. ෂැංහයි නගරය චීනයේ ප්‍රමුඛතම වොලිබෝල් ක්‍රීඩා කරන නගරය වනඅතර, මෙම ක්‍රීඩාව සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව ද ආචාර්ය කොහොන මහතා මතු කළ අතර ඒ සඳහා චීන පාර්ශ්වයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණි.

    ෂැංහයි හි දීප්තිමත් සටන් කලා සම්ප්‍රදායක් පවතින අතර, එහි ප්‍රධාන පාසල 1900 ගණන්වල මුල් භාගයේ සිට ක්‍රියාත්මක වේ. බොහෝ මුල් විප්ලවීය ක්‍රීඩකයන් බිහි කළ ෂැංහයි චින් වූ මලල ක්‍රීඩා සම්මේලනය බොහෝ ගෞරවයට පාත්‍ර වේ. රජය විසින් අරමුදල් සපයනු ලබන චීන සටන් කලා ඇකඩමිය ෂැංහයි හි සාම්ප්‍රදායික ගොඩනැගිල්ලක පිහිටා ඇත.

    තානාපති ආචාර්ය කොහොන මැතිතුමා අපේ‍්‍රල් 01 වැනි දින ෂැංහයි හි චීන මහජන දේශපාලන උපදේශන සමුළුවේ (CPPCC) සහ ෂැංහයි හුවාෂියා සංස්කෘතික හා ආර්ථික ප‍්‍රවර්ධන සංගමයේ (SHCEPA) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවූ අතර, ඔවුහු තානාපති කොහොන මහතාගේ පැමිණීම සාදරයෙන් පිළිගත්හ. 2003 දී ෂැංහයි සහ කොළඹ අතර සහෝදර නගර සම්බන්ධතාවයක් ඇති කරගෙන තිබුණි.

    ත්‍යාග වශයෙන් ලබා දුන් සීනෝෆාම් එන්නත් මාත්‍රා 600,000 ක් භාර ගැනීම සඳහා ජනාධිපතිතුමා පෞද්ගලිකව කොළඹ ගුවන් තොටුපළට පැමිණීම සියලු දෙනාගේම අගය කිරීමට ලක් විය.

    ශ්‍රී ලංකාව සෑම විටම චීනයේ තීරය හා මාවත පිළිබඳ ආර්ථික මුලාරම්භයේ තීරණාත්මක ආධාරකරුවෙකුව සිටි බවත්, දැන් කොළඹ වරාය නගරය සඳහා ප්‍රධාන ආයෝජන අපේක්ෂා කරන බවත් ආචාර්ය කොහොන මහතා සිහිපත් කළේය. චීන වෙළෙඳපොළේ සිය කොටස පුළුල් කිරීමේ අරමුණින් යුතුව චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට අඛණ්ඩව සහභාගී වූ බව ද ඔහු පැවසීය. වසංගතය අතරතුර දී චීනය සෑම විටම ශ්‍රී ලංකාවේ ඉල්ලීම්වලට ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වීම ආචාර්ය කොහොන  මහතා අගය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya