අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලාංකිකයින්ට මෙරටට ඇතුළුවීම සඳහා පැවති බාධක ඉවත් කෙරේ

    අප්‍රේල් 07, 2021

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නියෝගය මත, ඉදිරියේ දී ආපසු සියරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන්ට සහන සැලසීමේ පියවරක් වශයෙන්, අද දින (2021 අප්‍රේල් 06) විදේශ අමාත්‍යංශය විසින් මෙරටට ඇතුළුවීමේ ක්‍රියා පටිපාටිය සමාලෝචනය කරන ලදී.

     

    මෙම නව ක්‍රියාපටිපාටිය යටතේ, ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර මඟින් ගමන් කරන ද්විත්ව පුරවැසියන්, ශ්‍රී ලාංකිකයන්ගේ විදේශික කලත්‍රයන් හා අවිවාහක දරුවන් සහ ගුවන් මගින් පැමිණෙන ශ්‍රී ලංකා නාවිකයින්ට විදේශ අමාත්‍යාංශයේ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ පූර්ව අනුමැතියකින් තොරව ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර දෙනු ලැබේ.

    කෙසේ වෙතත්, කළමනාකරණය කළ හැකි මගීන් සංඛ්‍යාවක් පවත්වා ගැනීමේ වගකීම සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙත පවරා ඇති අතර, ඔවුන් අදාළ ගුවන් සමාගම් හරහා දේශීය නිරෝධායන හා අවශ්‍ය අනෙකුත් සේවා සැපයුම් සමඟ කටයුතු කළ හැකි ආකාරයට මෙම සංඛ්‍යා නියාමනය කරනු ඇත.

    පැමිණෙන සියලුම මගීන් මෙහි පැමිණෙන විට ක්‍රියාත්මකව පවතින සෞඛ්‍ය නීති රීති සහ මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපැදිය යුතුය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya