මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවුරුදු සමයේ මගින් වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සැලැස්මක් ...

    අප්‍රේල් 07, 2021

     

    සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සදහා ගම්බිම් බලා යන ජනතාවට අපහසුතාවයකින් තොරව තම ගමන් පහසුකම් සැලසීමට හැකි වන පරිදි වැඩි දුම්රියන් සහ බස් රථ ප්‍රමාණයක් යෙදවීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ


    ඒ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ 1192ක් අමතර දුම්රිය 21ක් මෙන්ම අමතර දුම්රිය ගමන්වාර 58 ක් සහ අමතර පෞද්ගලික බස් රථ 1800ක් යෙදවීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේ මහතා (06) පැවැසීය

    ලබන 09 වනදා සිට 16 දක්වා මෙම විශේෂ බස් රථ සහ දුම්රිය සාමාන්‍ය කාලසටහන් වලට අමතරව යොදා ඇති බවද ඇමැතිවරයා කියා සිටියේය.

    ජනතාවට බාධාවකින් තොරව ප්‍රවාහන පහසුකම් ලබාදීම සදහා ලංගම බස්රථ සේවකයන්ගේ නිවාඩු ද අවලංගු කිරීමට පියවර ගෙන ඇති බවත් ධාවනය කෙරෙන සියලු බස් රථ ඔවුන්ට අපහසුතාවයක් නොවන පරිදි ධාවනයේ යෙදවීම සිදු කරන ලෙස උපදෙස් දී ඇතැයිද කියා සිටි ඒ මහතා ලංගම දුම්රිය සහ පෞද්ගලික බස් රථ වලට අදාළව කටයුතු කරන සභාපති වරුන් නිලධාරීන් මෙම වැඩසටහන නියාමනය කිරීම සදහා කොටුව ප්‍රධාන බස් නැවතුම්පොළ පිහිටුවා ඇති ප්‍රධාන කාර්යාලයේ රැදී කටයුතු කරන බවද කියා සිටියේය.

    සාමාන්‍ය අවුරුදු සමයකදී යොදවන බස් රථ වලට වඩා දෙගුණයකින් බස් රථ ප්‍රමාණය මෙවර කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් වැඩි කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා කියා සිටි අතර, ජනතාව වඩා ප්‍රවේශම්කාරි හා ආරක්ෂාකාරි අයුරින් තම ගමන් පහසුකම් සලසා ගන්නා ලෙසද මගීන්ගෙන් ඉල්ලා සිටියේය. පවතින කොවිඩ් තත්ත්වය හමුවේ සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් බස් රථ වලට ගොඩ වන ලෙසත් ආසන ගණනට සේවා සපයා ගන්නා ලෙසත් මගී ජනතාවගෙන් ඉල්ලා සිටි ඇමැතිවරයා නොසැලකිලිමත් ලෙස බස් රථ භාවිතා නොකරන ලෙසත් මගීන්ගේ ජිවිත ආරක්ෂා වෙන අයුරින් රිය පදවන ලෙසත් රියදුරන්ගෙන් ඉල්ලා සිටියේය.

    මෙහිදි අදහස් දැක්වු ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටියේ, "කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් බස් රථ ගාස්තුව වැඩි කළා. බස් රථවල ආසන ගණනටයි මගීන් ගෙන යා යුතු වන්නේ.වැඩිපුර ගෙන යන්න බැහැ. මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස අප රථවාහන නියෝජ්‍ය පොලිස්පති වරයාට දන්වා තිබෙනවා. මේක දුම්රිය මගීන්ගේ වගකීමක්. ඇතැම් මගීන් පසුපස එන බස් රථ තිබියදී හිටගෙන යන්න නගිනවා. මේ සම්බන්ධයෙන් බස් රථ 150 බලපත්‍ර අත්හිටුවා තිබෙනවා.ජනතාවත් ප්‍රවේසම්කාරී ලෙස තම ගමන්වාරය සලසා ගත යුතුය.උත්සව සමයේ එකම දින සියලුම දෙනා ගමන් කරන්න ගත්තොත් සියලුම බස් යෙදවුවත් ප්‍රමාණවත් නොවේයැයි" යැයි කියා සිටි රාජ්‍ය ඇමැතිවරයා සියලු බස් ඩිපෝ වල ඇති කාලසටහන පරීක්ෂා කිරීමෙන් අනතුරුව තම ගමන් පහසුකම් ලබා ගන්නා ලෙස ඉල්ලීමක් කළේය.
    මේ අවස්ථාවට ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක, වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව් ඒ ඩී එස් ගුණසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියේය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya