මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැද පළාත් මහ ඇළ සහ වයඹ පළාත් මහ ඇළ ඉදිකිරීම් කටයුතු 2024 වසරේ දී අවසන් - වාරිමාර්ග අමාත්‍ය

    අප්‍රේල් 06, 2021

    අනුරාධපුර දිස්ත්‍රික්කයට සහ වයඹ පළාතට ජලය ලබා දෙන උතුරු මැද පළාත් මහ ඇළ සහ වයඹ පළාත් මහ ඇළ ඉදිකිරීම් කටයුතු මේ වන විටත් ආරම්භ වී ඇති බවත් වසර 04ක් තුළ දේශීය අරමුදල් සහ දේශීය ඉංජිනේරුවන් යොදා ගෙන , 2024 වසරේදී මෙම කටයුතු අවසන් කරන බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද(06) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.


    පාර්ලිමේන්තු මන්ත්‍රි ඉෂාක් රහුමාන් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ශ්‍රී ලංකාවේ දිගම වාරි උමගද ඇතුළත් ව දකුණු ආසියාවේ දිගම වාරි ඇල ලෙසත් ගැනෙන උතුරු මැද පලාත් මහ ඇලේ ඉදිකිරීම් කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති අතර සමස්ත ව්‍යාපෘතිය සම්පූර්ණ වීමෙන් පසු උතුරු මැද, උතුරු, නැගෙනහිර පළාත්වල 15 ලක්ෂයකට අධික ජනතාවකට වාරි සහ පානීය ජල පහසුකම් සැපයීමට හැකි වේ.

    උතුරු මැද මහ ඇළ යටතේ හුරළු වැවට ජලය ගෙනයාමෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 3500ට පමණ ජලයලබා දිය හැක වන අතර මහව සහ ඇහැටුවැවව යන ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිතව පවතින මහා වැව් හතකට හා කුඩා වැව් 350කට දෙකන්නයේම වගා කිරීම සඳහා අවශ්‍ය ජලය 2024 වර්ෂය වන විට ලබා දීමට අපේක්ෂා කරන බවද අමත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya