මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ  අලි ගැටපේර හා පිටිකළ වට්ටක්කා ජෝර්දානයට යැවිමට පියවර ගැනේ

    අප්‍රේල් 06, 2021

    පිටිකළ අලිගැට පේර සහ පිටිකළ වට්ටක්කා වැනි ශ්‍රී ලංකාවේ නව සුපිරි ආහාර නිෂ්පාදන, ජෝර්දානනය වෙත අපනයනය කිරීමේ වැඩ පිළිවෙලක් සකස් කර ඇත.

    ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් හඳුනා ගනු ලැබ ඇති ටීටොක් සමාගම මෙම අපනයනය සදහා හවුල් වී සිටී. ප්‍රධාන වශයෙන් ලංකා තේ අපනයනය කිරීමෙන් අනතුරුව විවිධාංගීකරණය වූ ටීටෝක් සමාගම දැන් නව්‍ය අගය එකතු කළ ශ්‍රී ලාංකික නිපැයුම් නිෂ්පාදනය කරන අතර, වැනිලා කරල් ආකාරයෙන් ජෝර්දාන් වෙළඳපොළට අපනයනය කිරීම ද ආරම්භ කොට ඇත. මෙතෙක්
    ජෝර්දානයට ඇතුළු නොවූ ශ්‍රි ලංකා නිෂ්පාදන රැසක් ටිටොක් සමාගම හරහා ජෝර්දානයට යැවිමට අපේක්ෂිතය.

    ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, සක්‍රීය ලෙස ශ්‍රී ලංකා අපනයන ජෝර්දානයට ගෙන යාම සඳහා වන ඔවුන්ගේ ක්‍රියාකාරී වාණිජ කටයුතුවල කොටසක් ලෙස, මීට පෙර ශ්‍රී ලාංකික අපනයනකරුවන්ගේ සාම්ප්‍රදායික වෙළඳපොළක් ලෙස සලකනු නොලැබූ ජෝර්දානයෙ වෙත තවත් නව නිෂ්පාදන ගෙන ඒමට පියවර ගෙන තිබේ.

    ටීටෝක් සමාගම පසුගිය වසරේ පෙබරවාරි මස ශ්‍රී ලාංකික අපනයනකරුවන් ජෝර්දාන් වෙළඳපොළ වෙත හුරුපුරුදු කරවීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති ශානිකා දිසානායක මැතිනිය විසින් සංවිධානය කරන ලද පුරෝගාමී වෙළඳ නියෝජිත කණ්ඩායමට අයත් වූ එක් සමාගමකි.

    ශ්‍රී ලංකා තානාපති කාර්යාලය-අම්මාන්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya