අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බන්ධනාගාර තුළ ළමා සුරැකුම් මධ්‍යස්ථාන වැඩි දියුණු කිරිමට පියවර

    අප්‍රේල් 06, 2021

    බන්ධනාගාර ආයතන තුළ විවිධ ගණයේ වැරදි සිදු කර බන්ධනාගාර ගත වන මව්වරුන් සමඟ රඳවන බිළින්දන් හා වයස අවුරුදු 05ත් අතර දරුවන්ගේ මුල් ළමා විය සංවර්ධන කටයුතු ඉහළ නැංවීම උදෙසා දීර්ඝකාලීන වැඩසටහනක් පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව හා බන්ධනාගාරය එක්ව ඉදිරියේදී ක්‍රියාත්මක කිරිමට නියමිතව ඇත.

    මෙහි මුඛ්‍ය අරමුණ වන්නේ මව්වරුන් සමඟ බන්ධනාගාර ගත වන බිළින්ඳන්ට ළමා හිත මිතුරු පරිසරයක් ඇති කරලීමත්, ළමා රැකවරණ මධ්‍යස්ථාන පිහිටුවාලීම හා එහි පහසුකම් සංවර්ධනය කිරිමයි.

    මේ සඳහා 2021 වසරේදි ලෝක බැංකු මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ප්‍රතිපාදන ද හිමි වන බවත් මෙම ව්‍යාපෘතිය වැලිකඩ, අඟුණකොළපැලැස්ස,බෝගම්බර,අනුරාධපුර,කුරුවිට,කළුතර යන ආයතන තුළ ක්‍රියාත්මක කිරිමට යෝජිත අතර එහිදී ළමුන් සහ මව්වරුන් රැඳවිමට අවශ්‍ය ගොඩනැගිල්ලක්, ළමා සෙල්ලම් පිටියක් සහ පෙර පාසලක් බන්ධනාගාර පරිශ්‍රය තුළම ස්ථාපිත කිරිම හා දැනට ළමා සුරැකුම් මධ්‍යස්ථාන පවත්නා ස්ථාන නවීකරණය කිරීම් කඩිනමින් සිදු කිරිමට අපේක්ෂා කරන බවත් බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya