අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාදාමයන් වඩාත් සාධනීය ලෙස වැඩි දියුණු කිරීමට අධිකරණ අමාත්‍යාංශය කටයුතු කරමින් සිටිනවා

    අප්‍රේල් 06, 2021

    යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සදහා අවශ්‍ය සියලු ක්‍රියාදාමයන් වඩාත් සාධනීය ලෙස වැඩි දියුණු කිරීම සදහා අධිකරණ අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවත්, ඒ සදහා මේ වන විටත් පියවර රාශියක් ගෙන ඇති බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

    අධිකරණ අමාත්‍යාංශය විසින් සංවිධානය කළ යුක්තිය ශක්තිමත් කිරීම සදහා වු ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගේ සම්මන්ත්‍රණය කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි .

    අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතාගේ ආරාධනයෙන් යුක්තිය ශක්තිමත් කිරීම සදහා වු ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගේ සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන්  අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරීස් මහතා සහභාගි වු අතර, මෙහි ප්‍රධාන දේශනය එතුමා විසින් පවත්වන ලදී .

    ප්‍රධාන දේශනය පවත්වමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරීස් මහතා මෙසේ සදහන් කළේය.


    අධිකරණ පද්ධතිය තුළින් යුක්තිය ඵලදායී ලෙස හා කඩිනමින් සිදු වනු ඇතැයි රටක ජනතාව බලාපොරොත්තු ප්‍රධාන කරුණක් වන අතර එය ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමේදීද යහපත් ලක්ෂණයක් බවත්, යුක්තිය නිසි ලෙස ඉටු කිරීම සදහා අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය වත්මන් අධිකරණ අමාත්‍යතුමාගේ නායකත්වය යටතේ කටයුතු කරමින් සිටින බවත්, ඉදිරියේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගෙන එන අවස්ථාවේදී පවත්නා නීතිය සුදුසු පරිදි සංශෝධනය වීම පිළිබදව කටයුතු කළ යුතු බවත් පැවසීය.

    වත්මන් අධිකරණ අමාත්‍යවරයාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කර අධිකරණ පහසුකම් වැඩි දියුණු කිරීම විශාල කාර්යභාරයක් සිදුවෙමින් පවතින බැවින් මෙවැනි සම්මන්ත්‍රණ හරහා ඒ සදහා පිටිවහලක් ලැබෙන බවත් අධිකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ සදහා ජාත්‍යන්තර සංවිධාන වලින් ලැබෙන සහාය තවදුරටත් වැඩි වශයෙන් ලබා දෙනු ඇතැයි රජය අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයාගේ සදහන් කළේය.

    ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගේ සම්මන්ත්‍රණය අමතමින් අදහස් පළ කළ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා මෙසේ සදහන් කළේය.

    යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සදහා අවශ්‍ය සියලු ක්‍රියාදාමයන් වඩාත් සාධනීය ලෙස වැඩි දියුණු කිරීම සදහා අධිකරණ අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවත්, ඒ සදහා මේ වන විටත් පියවර රාශියක් ගෙන ඇති බවත්, ඒවා ක්‍රියාත්මක කර හා වෙමින් පවතින බවත් සදහන් කළේය.

    නීති පද්ධතියේ පවතින ප්‍රතිසංස්කරණ සිදු කිරීම සදහා අධිකරණ අමාත්‍යාංශය යටතේ ප්‍රතිසංස්කරණ අංශයක් ස්ථාපිත කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යතුමා සදහන් කළේ ඉදිරි වසර හතර තුළ යුක්තිය පසිදලීමේ ක්‍රියාදාමය තුළ දැඩි වෙනසක් සිදු වන බවයි.

    යුක්තිය පසිදලීමේ ක්‍රියාදාමය හා සෘජුව සම්බන්ධ වන අධිකරණ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවලින් සිදු වන යම් ප්‍රමාදයන් ඇත්නම් ඒවා කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බව පෙන්වා දුන්අධිකරණ අමාත්‍යවරයා සදහන් කළේ, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඊට හොදම උදාහරණය බවයි.

    මීට මාස කිහිපයකට පෙර එම දෙපාර්තමේන්තුව තුළ රස පරීක්ෂක වාර්තා 8000 ක් පමණ ගොඩ ගැසී පැවති බවත්, අද වන විට ඒ සියල්ලෙහි වාර්තා ලබා දී අවසන් කර ඇති බවත්, මේ වන විට මසක් තුළ වාර්තාවක් නිකුත් කර අවසන් කළ හැකි ආකාරයේ කාර්යක්ෂමතාවයක් එම දෙපාර්තමේන්තුව තුළ පවතින බවත්, යුක්තිය පසිදලීම හා සම්බන්ධ වන සියලු ආයතන විධිමත් පරිදි කාර්යක්ෂම කිරීම රජයේ ප්‍රධාන අරමුණක් බවත්, අධිකරණ අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.

    ශ්‍රී ලංකාවේ යුක්තිය පසදිලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සදහා ජාත්‍යන්තර ආයතන විසින් ලබා දෙනු ලබන සහයෝගය ඉතා අගය කරන බවත්, එය තවදුරටත් ශක්තිමත්ව වැඩි දියුණු කර ගැනීම මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන අරමුණ බවත් පැවසීය.

    තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යතුමා සදහන් කළේ ඉදිරි මාස කිහිපය තුළ නව නීති ප්‍රතිසංස්කරණ 10 ක් ඉදිරිපත් කරන බවත් ඊට අදාළව කමිටු කිහිපයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බවත් කමිටු දෙකක වාර්තා මේ වන විටත් ලබා දී ඇති බවත් සදහන් කළේය.

    අධිකරණ පද්ධතිය තුළ වර්තමානයේ පවතින ගැටළු සදහා දිගු කාලීන පරිපුර්ණ විසදුම් හදුන්වා දෙන පවත් එය වත්මන් රජය අවබෝධ කර ගෙන මේ වන විටත් කටයුතු කරමින් සිටිනක බවත් අධිකරණ අමාත්‍යවරයා පැවසීය.

    බන්ධනාගාර කළමණාකරණ හා සිරකරුවන් පුනරත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ,   නීතිපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා,වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම්, ,බන්ධනාගාර කළමණාකරණ හා සිරකරුවන් පුනරත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වී.ආර් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු විදේශිය රටවල තානාපතිවරුන්,ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන මෙරට සංවර්ධන ක්‍රියාදාමයන් සදහා සහාය දක්වන ජාත්‍යන්තර ආයතනවල ප්‍රධානීන් හා නියෝජිතයින්, අධිකරණ අමාත්‍යාංශය යටතේ පවතින දෙපාර්තමේන්තු හා ආයතන ප්‍රධානීන්, නීති පද්ධතියේ ප්‍රතිසංස්කරණ සදහා අධිකරණ අමාත්‍යාංශය විසින් ස්ථාපිත කර ඇති කමිටුවල නියෝජිතයින්, නීතිඥවරුන් මෙම සම්මන්ත්‍රණය සදහා එක්ව සිටියහ.

    අධිකරණ අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් නීතිඥ සමීර් සවාහිර්, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ප්‍රතිසංස්කරණ ) තුෂාර සුරවීර, ජනාධිපති නීතිඥ නවීන් මාරපන, යන මහත්වරුන් මෙහිදී සම්මන්ත්‍රණය අමතමින් දේශන ඉදිරිපත් කළ අතර, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නෙ මහතා ස්තූති කථාව සිදු කළේය.

    ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගේ සම්මන්ත්‍රණය සදහා එක්ව සිටි ජාත්‍යන්තර ආයතනවල ප්‍රධානීන්ට හා නියෝජිතයින්ට අදහස් පළ කිරීම සදහා ද මෙහිදී අවස්ථාව හිමි විය. එහිදී ඔවුන් සදහන් කළේ ශ්‍රී ලංකාවේ යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට හා අධිකරණ පද්ධතියේ සංවර්ධන කටයුතු සදහා අවශ්‍ය සහාය ලබාදීමට තමන් සුදානම් බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya