මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් වසංගතය නිසා ලංකාවේ මාතෘ මරණ වැඩි වීමක් සිදුවෙලා නැහැ - විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා

    අප්‍රේල් 05, 2021

    කොවිඩ් වසංගතය නිසා ලංකාවේ මාතෘ මරණ වැඩි වීමක් සිදුවී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය වශයෙන් පවසන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය කියා සිටියාය.

    ඇය මේ බව ප්‍රකාශ කළේ, අද දින (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී කොවිඩ් 19 වසංගතයේ සෘජු හා වක්‍ර බලපෑම් සහ ඒ සදහා දකුණු ආසියාතික රටවල ප්‍රතිචාර පිළිබද යුනිසෙෆ් ආයතනයෙහි වාර්තාව සම්බන්ධයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

    2020 වසරේදී මාතෘ මරණ 2019 වසරට වැඩියෙන් එක මරණයක් වාර්තා වන බවද, සාමාන්‍යයෙන් වසරකට ලංකාවේ මාතෘ මරණ වාර්තා වනුයේ 90ත් 100ත් අතර බවද කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මාතෘ මරණ සහ මාතෘ රෝගී තත්ත්වයන් අවම කරගැනීම සදහා නිසි පරිදි කටයුතු කළ බවද වෛද්‍යවරිය සිහිපත් කළේය.

    ඕණැම වසංගත තත්ත්වයකදී රටත මරණ සහ රෝගාබාධ ප්‍රතිශතය ඉහළ ගියද එවැනි තත්ත්වයකදී මාතෘ හා ළමා සෞඛ්‍ය පැත්තෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ කේන්ද්‍රස්ථානය ලෙස කටයුතු කරන පවුල් සෞඛ්‍ය කාර්යංශය ලංකාවේ ප්‍රථම කොවිඩ් රෝගියා වාර්තා වූ අවස්ථාවේ සිට ක්‍රියාකාරීව කටයුතු කළ බවද වෛද්‍යවරිය අවධාරණය කළේය.

    එනම් මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාව නියමාකාරයෙන් වසංගත රෝග තත්ත්වයක් යටතේ කරගෙන යන්නේ කෙසේද, වසංගත තත්ත්වය යටතේ අපගේ මාතෘ මරණ අවම කරගැනීමට, මාතෘ සංකූලතාවයන් අවම කරගැනීමට දරුවන්ගේ සහ නව ජන්ම දරුවන්ගේ මරණ අවම කරගැනීමට විශේෂයෙන් අවධාරණය කර කටයුතු කර ඇත.

    පළමු කොවිඩ් සිදුවීම වාර්තාවීමත් සමග තාක්ෂණික කමිටු පිහිටුවමින්, අවශ්‍ය මාර්ගෝපදේශ දිවයින පුරා ලබාදෙමින් කොවිඩ් මවුවරුන් සදහා දිවයින පුරා රෝහල් 08ක් ස්ථාපිත කරමින් එවැනි දරුවන් ඉපදුණු වහාම අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙමින්, නිරෝදායනය වන පවුල් මෙන්ම හුදකලා ප්‍රදේශ වල මවුවරුන් සදහා අවශ්‍ය පහසුකම් සහ උපදෙස් ලබාදෙමින් ගර්භණී කාඩ්පත ඇදිරිනීති බලපත්‍රයක් ලෙස භාවිතයට අවසර දෙමින් සිදුකළ සමස්ථ ක්‍රියාදාමය සහ මාතෘමරණ අවම කරගැනීම සදහා එය උරදුන් අයුරු මාතෘ හා ළමා සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලීද සිල්වා මහත්මිය සිහිපත් කිරීමට අමතක නොකළාය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya