මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේ දී වාහන ආනයනය කිරීමේ දී ඉලෙක්ට්‍රික් සහ හයිබ්‍රිඩ් වාහන ආනයනය කිරීම පිළිබඳව වැඩි සැළකිල්ලක්

    අප්‍රේල් 05, 2021

    ඉදිරියේ දී වාහන ආනයනය කිරීමේදී ඉලෙක්ට්‍රික් සහ හයිබ්‍රිඩ් වාහන ආනයනය කිරීම පිළිබඳව වැඩි සැළකිල්ලක් යොමු කරන බව අජිත් නිවාඩ් කබ්රාල් රාජ්‍ය අමාත්‍යවරයා අද (04) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.

    වාහන එකළස් කිරීම , විශේෂයෙන්ම ටයර් සහ සීට් මෙරටදී නිෂ්පාදනය කිරීම, පිළිබඳව මේ වන විටත් අවධානය යොමු කර ඇති බවත් ආයෝජන රටට ගලා එන පරිදි කටයුතු සිදු කරගෙන යන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    අද (05) පාර්ලිමේන්තුවේ සම්පූර්ණ දිනයම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වාචික ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර විපක්ෂය විසින් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    පසුගිය වසර කිහිපයේදී මෙරටට වාහන ආනයනය කිරීම පහත පරිදි වේ.
    2015 - වාහන 647444
     2016- වාහන 469304ක්
     2017 - වාහන 460201
     2018 - වාහන 494488
     2019 - වාහන  344059
    ඒ අනුව 2015 සිට 2019 දක්වා වසර පහේදී රුපියල් කෝටි එක්ලක්ෂ විසිතුන් දහස් නවසියයක් පමණ වටිනා වාහන මෙරටට ආනයනය කර ඇත.

    කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් රජය  වාහන ආනයනය කිරීම සීමා කළද  එම තීරණය වෙනස් කිරීම සම්බන්ධයෙන්  ඉදිරියේදී සලකා බලන බව ද  රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

     

    කෝවිඩ් අරමුදල  සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අජිත් නිවාඩ් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ  කොවිඩ් වසංගතයට මුවා වෙමින් රජයේ කටයුතු අඩාල කිරීමට විපක්ෂය උත්සාහ දරණ බවයි.  කොවිඩ් අරමුදල මහ බැංකු අධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ නිසි පරිදි සිදු කරන බවද රාජය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya