අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උත්සව සමයේ මඟී ප්‍රවාහන වැඩපිළිවෙල සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් හෙට

    අප්‍රේල් 05, 2021

    උත්සව සමයේ මඟී ප්‍රවාහන වැඩපිළිවෙල සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් හෙට දිනයේ දී පැවැත්වීමට තීරණය කොට ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටී.


    ඒ අනුව, මෙම විශේෂ සාකච්ඡවේ දී දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ජාතික ගමනාගමන කොමිසම සහ පළාත් මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරිය යන ආයතන හරහා සිංහල/හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ආරක්ෂිතව මඟී ප්‍රවාහනය සිදු කරන ආකාරය සහ උත්සව සාමය අවසානයේ දී නැවත සිය රාජකාරි සඳහා මඟීන් රැගෙන යාම පිළිබඳව විශේෂයෙන් සළකා බලන බවත් රාජ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කළේය.


    එමෙන්ම, මැඩපවත්වගනිමින් සිටින කොරෝනා වසංගතය ජනතාව නොසළකා හරිමින් සිටින බව දක්නට ලැබෙන බවත්, එහෙත් නැවත තුන්වන රැල්ලක් දක්වා වර්ධනය නොවීමට අවශ්‍ය සියලු විධිවිධානයන් ගනිමින්, ඊට අදාළ නීති ක්‍රියාත්මක කරමින් මඟී ප්‍රවාහනය හමුවේ ප්‍රමාණවත් තරම් බස් රථ මගී ප්‍රවාහනය වෙනුවෙන් සැපයීමට කටයුතු කරන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya