මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව අද යළි රැස්වේ

    මාර්තු 23, 2021

    පාර්ලිමේන්තුව අද (23) පෙරවරුවේ සිට ලබන 26 වනදා දක්වා රැස්වීමට නියමිතය.


    මේ අනුව මාර්තු 23 වන දින රේගු ආඥා පනතේ 10 වන වගන්තිය යටතේ ආනයන තීරුබදු සම්බන්ධව වන යෝජනාවක්, ආනයන හා අපනයන පනත යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවනු ලැබූ රෙගුලාසි 2ක් සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ වන නියෝගයක්ද විවාදයට ගැනීමට නියමිතය.


    එදින පස්වරු 4.30 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල්තැබීමේ අවස්ථාවේ යෝජනාව විවාදයට ගනු ඇත. ඉන් පසු දිනය වන මාර්තු 24 වෙනිදා මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ ගෙන එනු ලබන රෙගුලාසි 2ක් විවාදයට ගැනේ. ඉන් අනතුරුව පස්වරු 4.30 සිට පස්වරු 5.30 දක්වා විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල්තැබීමේ අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.

    මේඅතර පසුගිය මාර්තු 10 වැනිදා ආරම්භ කළ 2019 අප්‍රේල් 21 වැනිදා එල්ලවූ ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය මාර්තු 25 සහ මාර්තු 26 යන දෙදින පැවැත්වේ.
    මාර්තු 25 වැනිදා පෙරවරු 10.00 සිට 11.00 දක්වා කාලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා වෙන්කරෙන නමුත් මාර්තු 26 වෙනිදා වාචික ප්‍රශ්න හෝ ස්ථාවර නියෝග 27 (2) යටතේ ඉදිරිපත් කෙරෙන ප්‍රශ්න නොවිමසා පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වා මුළු කාලය තුළදීම සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya