මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      රටට අවශ්‍ය ආහාර රට තුළ ම, නිපදවා ආනයනය සඳහා වැය කරන අතිවිශාල ධනය,දේශිය ගොවි ජනතාව අතර බෙදා හැරීමට, සැලසුම් කළේ වත්මන් ජනාධිපති පමණයි - මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය  

    මාර්තු 22, 2021

    ආහාර ආනයනය කිරීම සඳහා වැය කරන අතිවිශාල ධනය මේ රටේ ගොවි ජනතාව ට ලැබෙන ආකාරයෙන් , දේශිය කෘෂි ආහාර බෝග නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කළේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බව, මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදුයටිතලපහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා අවධාරණය කරයි.

    රාජ්‍ය අමාත්‍ය වරයා පෙන්වා දෙන්නේ, රට තුළ නිෂ්පාදනය කළ හැකි ආහාර ද්‍රව්‍ය 16 ක් සඳහා ආනයනය, සීමා පැනවීමෙන් ජනාධිපති වරයා අපේක්ෂා කළේ, දේශිය ගොවි ජනතාව ට සිය නිෂ්පාදන සඳහා හොඳ මිලක් ලබා දීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා බවයි

    .
    සිරිපාල ගමලත් මහතා මේ බව කියා සිටියේ පසුගියදා (18) මහවැලි ඊ කලාපය ට අයත්, කොත්මලේ සහ උඩ පළාත ප්‍රදේශ වල මහවැලි ජනපදිකයින් සඳහා බලපා ඇති ඉඩම් ගැටලු සම්බන්ධයෙන් විසඳුම් ලබා දීම සඳහා පැවති ජංගම සේවා වැඩසටහනකට සහභාගි වෙමිනි.


    කොත්මලේ මහවැලි කොට්ඨාස කාර්‍යාලයේදී පැවති මෙම ජංගම සේවය මඟින් ඉඩම් ආරාවුල් ලාභීන් සඳහා එම අවස්ථාවේදීම විසඳුම් ළඟා කර දීමට පියවර ගැනීම විශේෂත්වයකි.
    ජංගම සේවය ආරම්භ කරමින්, රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා කියා සිටියේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගේ උපදෙස් හා මඟපෙන්වීම මත මහවැලි කලාප ජනතාව ගේ ඉඩම් ආරවුල් විසඳීම සඳහා කඩිනම් ක්‍රියා මාර්ග ගෙන ඇති බවයි.


    ඒ අනුව සති දෙකත්, සති හතරත් කාලය තුළ අදාළ ඉඩමේ ගැටලුව විමර්ශනය කර පිලිතුරක් ලබා දීම ට කටයුතු කරන බවයි. මහවැලි ප්‍රදේශ වල පදිංචිවී සිටින එහෙත් මෙතෙක් ඉඩමක හිමිකම නොලැබූ පවුල් ලක්ෂයක් සඳහා මේ වසර ඇතුළත සින්නක්කර ඉඩම් ඔප්පු හා හිමිකම් බලපත්‍ර ප්‍රදානය කිරීම ට සැලසුම් කර ඇතිබව ද හෙතෙම පැවසීය.


    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සිරිපාල ගමලත් මහතා.


    " මේ ප්‍රදේශ වල ජනතාව රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා විශාල කැපකිරීම් සිදුකරන පිරිසක් ලෙසයි මම දකින්නේ, ඒත් වසර තිහ හතලිහක් තිස්සේ තමන්, පදිංචිව සිටින ඉඩම ට සින්නක්කර ඔප්පුව ලැබිල නැහැ, එලෙස තමන්ගේ ඉඩමට හිමිකම අහිමි වුනාම ඇතිවන්නේ කලකිරීමක්, වසර ගණනාවක් තිස්සේ මේ ආකාරයට මේ ජනතාව ට සින්නක්කර ඉඩම් ඔප්පුවක් හිමි නොවීම හමුවේ කොතනක හෝ වරදක් තිබිය යුතුයි, කාගේ හෝ වරදක් තිබිය යුතුයි, ඒ සඳහා කවුරු හෝ වගකිව යුතුයි. මේ වරද තවදුරටත් ඉදිරියට ගෙන යාමට මම සූදානම් නැහැ.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිරන්තරයෙන් පෙන්වා දෙන්නේ කෘෂි කර්මාන්තය සඳහා ගොවි ජනතාව ට අවශ්‍ය ඒ වටපිටාව නිර්මාණය කර දිය යුතු බවයි.
    අපේ රටේ කිසිඳු නායකයෙකු ට නොදෙවෙනි ලෙස ජනාධිපති තුමා කෘෂි කර්මාන්තය නගා සිටුවීම ට තීන්දු තීරණ ගෙන තිබෙනවා. ආහාර වර්ග 16 ආනයනය අත්හිටුවීමට තීරණය කළේ දේශිය ගොවියාගේ නිෂ්පාදන සඳහා හොඳ මිලක් ලබා දීමේ අරමුණ ඇතිවයි. සමහරු කියනවා හාල් මිල වැඩියි, බඩඉරිඟු මිල වැඩියි , කියල . ඒ නිසා මිල වැඩි ආහාර ද්‍රව්‍ය ආනයනය කරමු කියල. ඒත් ජනාධිපති තුමා උත්සහ ගන්නේ රටට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රට තුළම නිපදවා, ආහාර ආනයනය සඳහා වැය කරන විශාල ධනස්කන්ධය අපේ රටේ ගොවියට ලැබෙන ක්‍රම වේදයක් ගොඩ නැගීමටයි. " යැයිද සිරිපාල ගමලත් මහතා වැඩිදුරටත් කීය.
    මෙම අවස්ථාවට සහභාගී වූ ග්‍රාමීය කුඹුරු හා වැව් ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා කියා සිටියේ, මහවැලි සංවර්ධන ව්‍යාපාරය තුළ ජනතාව ගේ ජීවන තත්ත්වය උසස් තලයකට ගෙන ඒම සඳහා සිරිපාල ගමලත් රාජ්‍ය අමාත්‍ය වරයා ගන්නා උත්සහය අගය කළ යුතු බවයි. එතුමා සියළු මහවැලි කලාප වෙත ගමන් ගනිමින් ජනතාව ගේ ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම ප්‍රසන්සනීය බවද කීය.

    මෙම අවස්ථාවට මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදුයටිතලපහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු වසන්ත බණ්ඩාර පළුගස්වැව මහතා , අතිරේක ලේකම් ගාමිණී ඉලංගරත්න මහතා , මහවැලි ඊ කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර ප්‍රසන්න ජයතිලක මහතා, ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya