අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ රෝහලේ ශල්‍යකර්ම සිදු කිරීමට තාවකාලික ශල්‍යාගාර තුනක්- වෛද්‍යවරුන්ගේ පැමිණිල්ලට ඇමති ප්‍රසන්නගෙන් කඩිනම් පියවර

    මාර්තු 20, 2021

    දැනට අත්හිටුවා ඇති ශල්‍යකර්ම සිදු කිරීම සදහා ගම්පහ රෝහලට තාවකාලික ශල්‍යාගාර 03ක් කඩිනමින් ලබාදීමට පියවර ගැනේ.


    සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා (19) බස්නාහිර පළාත් බළධාරීන්ට උපදෙස් දුන්නේ මේ සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. ගම්පහ රෝහලේ පවතින අඩුපාඩු සම්බන්ධයෙන් වෛද්‍යවරුන් අමාත්‍යවරයාට කළ පැමිණිල්ලකට අනුව ප්‍රසන්න රණතුංග මහතා,හදිසියේ එම රෝහලේ නිරීක්ෂණය කළේය. රෝහලේ වැඩ බලන

    අධ්‍යක්ෂකවරයා සහ වෛද්‍යවරුන් මෙහි දී ඇමතිවරයාට පෙන්වා දුන්නේ, එහි ශල්‍යාගාර 06කින් යුතු ශල්‍යාගාර සංකීර්ණය පසුගිය දෙසැම්බර් 23 වන දින සිට අලුත්වැඩියාවක් සදහා දින නියමයක් නොමැතිව වසා දමා ඇති බවයි. රුපියල් මිලියන 300 ක වියදමකින් සිදු කෙරෙන මෙම අලුත්වැඩියාවන් අවස්ථා කෙරෙන දින වකවානු දන්වා නැතැයිද වෛද්‍යවරු මෙහි දී පෙන්වා දුන්හ. මේ හේතුවෙන් අක්ෂි සැත්කම් 3500 කට වැඩි සංඛ්‍යාවක් කර ගත නොහැකි වී ඇත. අක්ෂි සැත්කම් කර ගැනීමට අපේක්ෂාවෙන් සිටි ඇතැම් රෝගීන් මේ
    වන විට අන්ධභාවයට පත් වී ඇතැයි වෛද්‍යවරු ඇමතිවරයාට පෙන්වා දුන්හ. මීට අමතරව විකලාංග හා අස්ථි ශල්‍යකර්ම කිසිවක් රෝහල තුළ සිදු නොවන බව ද ඔවුහු පෙන්වා දුන්හ. දිනපතා ශල්‍යකර්ම සදහා දින ලබා ගැනීමට විශාල පිරිසක් රෝහලට පැමිණිය ද ශල්‍යාගාර පද්ධතිය වසා දැමීම හේතුවෙන් ඔවුන්ට ශල්‍යකර්ම සදහා දින ලබා දීමට නොහැකි වී තිබේ. පිළිකා
    ශල්‍යකර්ම සිදු කිරීඹ වැනි ජීවිත තර්ජන ඇති රෝගීන් මේ නිසා අසරණ තත්ත්වයට පත් ව ඇතැයි වෛද්‍යවරු පෙන්වා දුන්හ.

    රෝහලේ ඇති පැරණිම ශල්‍යාගාරයේ ඇදන් 03 ක හදිසි ශල්‍යකර්ම පමණක් සිදු කරන බව පෙන්වා දුන් වෛද්‍යවරු එහි ඇති ඉඩකඩ හා පහසුකම් ප්‍රමාණවත් නොවන බව අවධාරණය කළහ. ශල්‍යාගාරයේ මැස්සන්, මදුරුවන් සහ කෝදුරුවන් අධික ලෙස සිටිති. මේ නිසා සැත්කම් කිරිමෙන් පසු තුවාල පැසවීම ඇතුළු පශ්චාත් සංකූලතා ඉහළ ගොස් තිබිණි. පළාත් සෞඛ්‍ය බළධාරින් මේ පිළිබද ව නිසි අවධානයක් යොමු නොකළ බවත්, ශල්‍යාගාර සංකීර්ණය අලුත්වැඩියා සදහා වසා දැමීමේ දී ඒ සදහා විකල්ප ශල්‍යාගාරයක් ඉදි නොකිරීම මේ තත්ත්වයට හේතුව බවට ද වෛද්‍යවරු චෝදනා කළහ.

    බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක, පළාත් ප්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග යන මහත්ම මහත්මීන්ට සහ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරියව ද ඒ මොහොතේම දුරකථනයෙන් සම්බන්ධ කර ගත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙම ගැටළුවට කඩිනමින් විසදුමක් ලබා දෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව කඩිනමින් තාවකාලික ශල්‍යාගාර 03 ක් රෝහල් භූමියේ ඉදි කිරීමට බස්නාහිර පළාත් බළධාරිහු එකගත්වය පළ කළහ. දැනට ශල්‍යාගාර සංකීර්ණයේ ක්‍රියාත්මක අලුත්වැඩියාවන් කඩිනමින් අවසන් කිරීමට ද එකගත්වය පළ කෙරිණි. මේ පිළිබද ව පළාත් ආණ්ඩුකාරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද තීරණය කෙරිණි.

    ඇමති ප්‍රසන්න රණතුංග මහතා දැනට ශල්‍යකර්ම සිදු කෙරෙන පැරණි ශල්‍යාගාර කටයුතු සිදු කෙරෙන ආකාරය නිරීක්ෂණය කළ අතර ශල්‍යාගාර සංකීර්ණයේ ඉදි කිරීම් ද නිරික්ෂණය කළේය. ඉදිකිරීම් කඩිනම් කරන ලෙස අදාළ කොන්ත්‍රාත්කාර සමාගම්වල නියෝජිතයන්ට උපදෙස් දුන්නේය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya